පුවත්

පොල් වගාව කන්න තවත් සතෙක් ගාල්ලෙන් ඇවිත්!

Published

on

පොල් වගාවට මහත් අභියෝගයක් එල්ල විය හැකි බරපතළ නව කෘමි වසංගත රෝගයක් ශ්‍රී ලංකාවේ පළමු වරට ගාල්ලෙන් සොයාගෙන තිබේ.

පොල් සංවර්ධන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කළමනාකාරී එච්.ජී. හේමන්ත මහතා ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ඊයේ (30) මේ බව අනාවරණය කළේය.

මෙම රෝගය බ්‍රොන්ටිෂ්පා නමැති කෘමි වර්ගයක් මඟින් පොල් ගසේ ගොබය විනාශ කරමින් පැතිර යන බරපතළ රෝගයක් බවත් මේ වන විට මෙම රෝගය වැලඳුණු පොල් වගාවන් ගාල්ල දොඩංදූව සිට මාතර කඹුරුගමුව දක්වා වෙරළ ආශ්‍රිතව හඳුනාගෙන ඇති බවත් හෙතෙම මෙහිදී කීය.

අවම වශයෙන් මේ වන විට මෙවැනි පොල් ගස් 4000ක් පමණ හඳුනාගෙන ඇති බව ද ඒ මහතා පැවසීය.

Trending

Exit mobile version