Connect with us

පුවත්

පොලිස් බැකප් ගත්ත ටීචර්ට වැඩ වරදියි

Published

on

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන්ට ශිෂ්‍යත්ව ටියුෂන් පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නම් තැනැත්තිය පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීම දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.

ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු ප්‍රධාන පෙලේ ප්‍රභූන්ගේ පවා ආරක්ෂාව අඩුකර මහජන ධනය ඉතුරු කළ බව කියන ආණ්ඩුව ටියුෂන් පන්ති ගුරුවරයෙකුට මේ ආකාරයේ විශේෂ පොලිස් ප්‍රභූ ආරක්ෂකයන් ලබාදුන්නේ මුදලටද ? නැතිනම් නොමිලේ ද ? කුමන පදනමකින් මේ විශේෂ පොලිස් ආරක්ෂකයන් ලබාදුන්නේ ද ? යන ප්‍රශ්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මෙම වීඩියෝව වෙත ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින්ද මතුකරන ලදී.

හයේෂිකා ප්‍රනාන්දු විසින් පසුගියදා කොළඹ BMICH හී දී ඇගේ ටියුෂන් පන්ති පැමිණ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් දරුවන් වෙනුවෙන්  ‘ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උ‍ළෙල’ නමින්  සම්මාන පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා ඇය පැමිණී මෝටර් රථය වෙනුවෙන් ශ්‍රීලංකා පොලිසියේ මෝටර් බයිසිකල් 4ක් සහ තවත් පරිවාරක මෝටර් රථයක් මඟින් විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබිණ.

මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කලේ මේ පිළිබඳව මේ වනවිට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවය.

පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

Published

on

By

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 25 වැනිදා (ඉරිදා) පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

මේ හේතුවෙන් කොළඹ නගරය ඇතුළව තදාසන්න ප්‍රදේශ රැසක ජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ඉල්ලා සිටියි.  

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ,

  • කොළඹ 1 සිට15 දක්වා,
  • කෝට්ටේ,
  • කඩුවෙල,
  • බත්තරමුල්ල,
  • කොලොන්නාව,
  • කොටිකාවත්ත,
  • මුල්ලේරියාව,
  • IDH,
  • මහරගම,
  • දෙහිවල,
  • ගල්කිස්ස,
  • රත්මලාන සහ මොරටුව

Continue Reading

පුවත්

දයාසිරිගේ හැසිරීම විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

Published

on

By

දයාසිරි ජයසේකර මහතාගේ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කථානායක වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

අද (23) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

කථානායකවරයා නිවේදනය කර සිටියේ, ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිලිලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බවය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය නම්කර ඇත.

එහි සෙසු සාමාජිකයන් වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාය.

Continue Reading

පුවත්

විදෙස්ගත අපරාධකරුවන් 20ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

Published

on

By

විදේශවල සැඟව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 20ක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් මේ වනවිටත් රතු නිවේදන නිකුත් කර ඇති බවය.

ඔවුන් සැඟව සිටින රටවල් ද  හඳුනාගෙන ඇති බවද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමග සම්බන්ධ වෙමින් එම පිරිස සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කර ඇති බවයි.

විදේශවල සැගව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 11ක් නව රජය බලයට පත්වූ දා සිට මේ දක්වා දිවයිනට රැගෙන විත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඔවුන්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ය.

මේ අතර පුද්ගල ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ මෙරට රැඳී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මකය.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව එම විමර්ශන ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved