Connect with us

පුවත්

පොසොන් පොහොය දිනයේ සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාව

Published

on

2024.06.21 වන දිනට යෙදෙන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමා තිබේ.

මෙම විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කිරීම අනුව, දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතන මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලත් සුළු වැරදි සදහා බන්ධනාගාර ගතවු රැදවියන් 2024.06.21 වන දින නිදහස් කිරීමට නියමිතය.

පුවත්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවය.

කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් වැඩිදුරටත් අධ්‍යයනය කළ හැකි අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා ද සෞන්දර්යය විෂයයන් සඳහා ළමුන්ට පෙනී සිටිය හැකි බව එහි සඳහන්ය.

තවද, උසස් අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයයන් එලෙස ම පවතී.

මේ සම්බන්ධයෙන් සැකයක් ඇති වන ප්‍රකාශ හා විවිධ මාධ්‍ය උපයෝගී කර ගෙන කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ බැහැර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබයි.

Continue Reading

පුවත්

ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමේ මතය

Published

on

By

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අයවැයෙන් ඉල්ලා තිබූ බිලියන 10ක මුදල ලැබී ඇති බැවින් මැතිවරණයට අදාළ මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව ද මැතිවරණ කොමිසම පවසයි.

කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණයට අදාළ කඩදාසි සම්බන්ධයෙන් ද මෙතෙක් ගැටළුවක් නොමැති බවය.

එමෙන්ම මෙම මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණයට අදාල ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමේ දිනය දැනුම් දෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටී..

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසා සිටියේ, මේ දිනය ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් කිසිදු හේතුවක් බලනොපාන බවය.

ඕනෑම අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බවද ඔහු සඳහන් කලේය.

Continue Reading

පුවත්

දොස්තර රංගනයක යෙදුනු වෙන්ඩ දොස්තර නෝනා රිමාන්ඩ්

Published

on

By

සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර පුහුණු වෛද්‍යවරියක ලෙස පෙනී සිට නීතිඥ යුවළකගේ අවුරුදු 6 සහ 8 වියේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සායනයක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වෛද්‍ය ශිෂ්‍යාවක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (15) පස්වරුවේ නියෝග කළේය.

පසුගිය 3 වැනිදා කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණ තිබූ නීතිඥ  හුසේන් අසාර් සයිතුන් මහතා සහ නීතිඥවරියක වන පාතිමා ජුතයින් මහත්මිය සිය දරුවන් දෙදෙනොට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබූ අතර, එකී වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසුව ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඒ පිළිබඳ සැකකාර වෛද්‍යවරියට දන්වා වෛද්‍ය සහතිකයක් ලබාගැනීමට පියවර ගෙන තිබිණි.

එකී වෛද්‍ය සහතිකයේ සඳහන් නිල මුද්‍රාවේ වෙනත් වෛද්‍යවරයෙකුගේ නමක් සඳහන්වී තිබී ඇත.

පසුව ඒ පිළිබඳව විමසීමේ දී ඕනෑම අයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට තරම් තමා සුදුසුකම් ලබා ඇති බව සැකකාරිය පවසා ඇති අතර ඒ අනුව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

එකී පැමිණිල්ල අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තොරතුරු වාර්තාවක් සකස් කොට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ ලියාපදිංචි කර තිබූ නමුත්, එවැනි සැකකාරියක් හෝ පෙර කී තොරතුරු වාර්තාව, අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව එම නීතිඥ යුවළ හා සෙසු නීතිඥවරුන් පිරිසක් අතිරේක මහෙස්ත්‍රාත්වරයාට කරුණු දක්වා තිබිණි.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් කැඳවූ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා, සැකකාර වෛද්‍ය සිසුවිය සිදුකර ඇත්තේ, මිනීමැරීමට තැත් කිරීමට සමාන වරදක් වන බැවින් වහාම ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කර තිබිණි.

නිසි බලයක් නොමැතිව වෛද්‍ය වෘත්තියේ නියැලීම යන චෝදනාවට අත්අඩංගුවට ගත් අජ්රා නියාස් නැමති සැකකාරිය එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර, නීතිඥ චින්තක ප්‍රනාන්දු, මර්වින් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු 30කට ආසන්න නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved