පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ය.
මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ මහව – අනුරාධපුර ප්‍රදේශය අතර වැඩකටයුතු අවසන් වී නොමැති බැවින් මෙවර පොසොන් සමයට දුම්රිය සේවා යෙදවීමට නොහැකි වී ඇත. අමාත්‍යවරයා පැවසුවේ හේ වෙනුවට විශේෂ බස්රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට කටයුතු කරන බවයි.
කෙසේවෙතත්, අනුරාධපුර සිට මිහින්තලය දක්වා නව කෙටි දුර දුම්රිය මාර්ගයක් ඉදිකර ඇති බවත්, මිහින්තලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ගාස්තු අයකිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කිරීමට කටයුතු යොදන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.