Connect with us

පුවත්

පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයෝ 12ක් රනිල් සමඟ යන්න හදයි!

Published

on

ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව යමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ තීරණය කර ඇතැයි “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ..

කොළඹ මලලසේකර මාවතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ පෙරේදා (22 ) රාත්‍රි පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවද එහි දැක්වේ.

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික්ක 12ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සහභාගී වී ඇතැයි ද වාර්තා වේ.

ඒ සදහා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එම පෙරමුණේ මන්ත්‍රිවරු 75කට ආසන්න පිරිසකගේ සහයද ඔවුන්ට ලැබී ඇති බවද කියවේ.

දිස්ත්‍රික් මට්ටමින් එම මන්ත්‍රිවරුන්, අදාළ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මන්ත්‍රිවරුන්ද සම්බන්ධ කරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද මෙහිදී තීරණය කර ඇතැයිද පැවසේ.

පුවත්

ඇල්පිටියට 9 දෙනෙකු ඇප තබයි

Published

on

By

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් බාර ගැනීම අගෝස්තු 26 වැනි දින සිට ආරම්භ විය.

ඒ අනුව එදින සිට ඊයේ (10) දිනය දක්වා 09 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙලෙස ඇප තැන්පත් කාර තිබේ.

Continue Reading

පුවත්

පොහොට්ටුවේ වලි වේදිකාවට

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් රත්තොට ජන රැළියක් ඊයේ (10) පවත්වා තිබුණි.

මෙම ජන රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ඩයස් මහතාට විරෝධයක් එල්ල වි තිබේ.

මෙම ජන රැළියේදී නිශාන්ත ඩයස් මහතා රැළිය අමතමින් සිටියදී ඊට විරෝධය පළ කරමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසින් වේදිකාවෙන් පිටව ගොස් තිබුණි.

පසුගියදා නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල පැවති ජන රැළියකදී නාලක කෝට්ටේගොඩ මහතා අදහස් පළ කරමින් සිටියදී රැලියට එක්ව සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කර තිබේ.

එහිදී විරෝධය පළ කළ පිරිස පවසා තිබුණේ , නාලක කෝට්ටේගොඩ මහතා ඉවත් කර තිලක් බණ්ඩාර මහතාව ලග්ගල ආසනයේ සංවිධායක ධූරයට පත් කරන ලෙසය.

Continue Reading

පුවත්

තැපැල් ඡන්දෙ දාන්න තවත් අවස්ථාවක්

Published

on

By



මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතී.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවය.

ඒ අනුව අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved