ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු අත්හිටුවා තිබේ.
ඒ, ජනාධිපතිවරණයේදී පක්ෂ තීරණයට පටහැනිව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කිරිම හේතුවෙනි.
ඒ අනුව රෝහිත අබේගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන සහ පවිත්‍රාදේවි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ට එරෙහිව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.