Connect with us

පුවත්

පොහොට්ටු මන්ත්‍රීලා 11ක් රනිල් ඉල්ලයි; දේශපාලන මණ්ඩල‍ේ 68ක් එපා කියයි

Published

on

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී පොහොට්ටුව ලකුණ යටතේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීන්දු කළ ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට අද (29) දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 82 දෙදෙනාගෙන් සාමාජිකයන් 79ක්  එක්ව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, එයට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගිවී ඇත්තේ 16 දෙනෙකු පමණක් බවත්, ඉන් 11 දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු  බවට වන යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශකර ඇත.

එසේ විපක්ෂ වී ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග කනක හේරත්, මොහාන් ප්‍රිදර්ශන, ජනක වක්කුඹුර යන මන්ත්‍රීවරු පිරිසයි.

මෙයට එක්වූ, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩීඩී චානක හා රෝහිත අබේගුණවර්ධන යන ‍පොහොට්ටු මන්ත්‍රීලා එම යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති බවද පැවසේ.

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බවට වන යෝජනාව දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා හැරැණු විට දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වූ ⁣බොහෝදෙනා විවිධ සංවිධාන මට්ටමින් ගෙන්වූ අය බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු නොවන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිනියගේ දියණිය පවා මේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇති බවද පැවසේ.

කෙසේවෙතත් දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකධූරය බලාපොරොත්තුවෙන් සිටි ධම්මික පෙරේරා මහතාගේ නම හෝ මතුවී නැතැයිද වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවසා ඇත්තේ මෙය පක්ෂයේ තීරණය හෙයින් එයට සියලුම දෙනා එකග විය යුතු බවයි.

තෙන්නකොන්ලා රනිල් මත්තෙමයි

මේ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක්  ගත්තත් තමාත්  තමාගේ පියා  ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් සහය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා තිබේ.

තමා තම පියා පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක් අද සිටින්නේද  ජනාධිපතිවරයා සමග බව ඔහු සඳහන් කර ඇත.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved