Connect with us

පුවත්

පොහොර සහනාධාර බැංකුවට දාලා නෑ – ගොවියෝ, තාමත් ඇමති අමරේ

Published

on

මෙවර මහ කන්නයේ (2024/25) වී වගා කටයුතු සඳහා රජයෙන් නොමිලේ ලබාදෙන පොහොර සහනාධාර මුදල සිය බැංකු ගිණුම්වලට බැරවී නැතැයි දිස්ත්‍රික්ක රැසක ගොවීහු කියා සිටිති.

මහ කන්නයේ වගා කටයුතු සඳහා හෙක්ටයාර් දෙකක උපරිමයකට යටත්ව හෙක්ටයාර් එකකට රුපියල් 25,000 ක පොහොර සහනාධාරයක් ලබා දීමට පසුගිය රජයේ හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර,එවකට කැබිනට් මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබාදී තිබිණි. ඒ අනුව, එම මුදල වහාම ගොවීන්ට ලබාදීමට වර්තමාන ජනාධිපතිවරයා තීරණය කළේය.

පොහොර සහනාධාරය සඳහා මුදල් වෙන්කර ඇතත්,එම මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීමට ප්‍රමාද වූයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීන් රැසක් මැතිවරණ රාජකාරිවල නිරතවී සිටීම නිසා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු කියා සිටියේය.

කෙසේ නමුත්,ගොවීන් කියා සිටින්නේ මහ කන්නයේ බිම් සැකසීමේ කටයුතු ආරම්භ කර ඇතත්, පොහොර මිලදී ගැනීමට මුදල් නොමැතිවීම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවය.

අමරේ….

මේ අතර, වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනය වන වී අලෙවි මණ්ඩලයේ වෙබ් අඩවිය මාස ගණනකින් යාවත්කාලීන කර නැතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වෙබ් අඩවියට අනුව තවමත් කෘෂිකර්ම ඇමැතිවරයා වන්නේ, හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරය. 

තවමත් එහි සභාපතිවරයා ලෙස සඳහන්කර ඇත්තේ හිටපු ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයාය. 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා දැනට වසරකට ආසන්න කාලයක් තිස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙනත් ආයතනයකට ස්ථාන මාරු ලබා ඇතත්, වෙබ් අඩවියට අනුව ඔහු තවමත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර දරන්නේය.

ඉදිරි මහ කන්නයේ (2024/25) වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව කිසිදු සටහනක් මෙම වෙබ් අඩවියේ සඳහන්කර නැත. පසුගිය කන්නවලදී මිලදී ගත් වී තොග සම්බන්ධ තොරතුරුද නොමැත.

එමෙන්ම, මෙම වෙබ් අඩවියේ වී මිලදී ගැනීමේ ප්‍රගතිය ලෙස සඳහන්කර ඇත්තේ ඉකුත් 2020/21 වර්ෂයේ මහ කන්නයේ වී මිලදී ගැනීමේ ප්‍රගතිය පමණි. එය යාවත්කාලීන කර ඇත්තේද 2021 වසරේ මාර්තු මාසයේදීය. 

ඉන්පසු වී මිලදී ගැනීම සම්බන්ධ කිසිදු තොරතුරක් මෙහි ඇතුළත් කර නැත.

මෙම වෙබ් අඩවියේ නවතම පුවත් ලෙස තොරතුරු අවසන් වරට ඇතුළත් කර ඇත්තේ ඉකුත් මාර්තු මස 13 වැනිදාය.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved