Connect with us

පුවත්

පෝර්ට් සිටිය වීසා නිකුත් කෙරෙයි!

Published

on

කොළඹ වරාය නගරය (පොර්ට් සිටි) සඳහා නව වීසා වර්ග හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණ හා සංචාරක වැනි විවිධ සේවාවන් සඳහා පැමිණීමට නියමිත ආයෝජකයන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ට වීසා නිකුත් කිරීම සහ ඊට අදාළ කාර්යයන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඉටු කළ යුතුව ඇත.

ඒ අනුව, කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් වීසා කාණ්ඩයන් හඳුන්වා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහජන ආරක්ෂක ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

‘වාස වීසා’ කාණ්ඩය යටතේ ආයෝජකයන් සඳහා “ආයෝජන වීසා” කාණ්ඩය, සේවා නියුක්තිකයන් වෙනුවෙන් “සේවා නියුක්ති වීසා” කාණ්ඩය සහ කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශිකයන් සඳහා “සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු වීසා” කාණ්ඩය මෙලෙස හඳුන්වාදීමට අනුමැතිය හිමිව ඇත.

මේ අතර මැදපෙරදිග (සෞදි අරාබියාවේ) විශාලතම සමූහ ව්‍යාපාරයක් වන අජ්ලාන් සමුහය (Ajlan and Bros Holding Group) කොළඹ වරාය නගරයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සඳහා, වරාය නගර ව්‍යාපෘතියේ මෙහෙයුම් සමාගම වන චෙක් හි (CHEC) අනුබද්ධ සමාගමක් වන CHEC in Riyadh සමග ගිවිසුම්ගත වී ඇත. එම ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.3 කි.

Continue Reading

පුවත්

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Published

on

By

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Continue Reading

පුවත්

ඉන්ධන හිඟයක් නැහැ

Published

on

By

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වනවිට සහතික කර ඇති බවය.

“ජනතාවට කියන්න ඕනේ කිසිදු ගැටලුවක් නැතුව තව මාස දෙකකට අවශ්‍ය තෙල් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ ඇනවුම් සහතික වෙලා තියෙනවා. මේ රටේ කිසිම හේතුවක් නිසා තව මාස දෙකක් වෙනතුරු කිසිදු තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ගැටලුව තියෙන්නේ අපිට තෙල් ලැබෙන්නේ මොන මොන තැන්වලින් ද කියලා. එතකොට යුද්ධයේ බලපෑමක් තියෙනවාද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ.”

පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපි ළඟ තියෙන වාර්තා අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුද්ධය තියෙන කලාපයෙන් නෙමෙයි. එම තෙල් අපිට එන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාවේ සිකාවලින්. එකම එකක් තිබුණා ඕමාන්වලින් ආනයනය කළා. ඒකත් හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැම්මත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි එකේ සැපයුම්කරුවන්ට කතා කරලා ඒක සම්පූර්ණ තහවුරු කරන්න ඉන්නේ. ඩීසල් ගත්තා සම්පුර්ණ එහෙමයි යුදමය කලාපයෙන් නෙමෙයි අවසන් නිමැයුම් හැටියට අපිට ලැබෙන්නේ.”

Continue Reading

පුවත්

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට

Published

on

By

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය දක්වමින්ය.

වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන්  ලංගම බස් රථ යෙදීමට කටයුතු කර  තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved