Connect with us

පුවත්

බංග්ලාදේශයට ‍ ‍ඓතිහාසික ක්‍රිකට් ජයක්

Published

on

සත්කාරක පාකිස්තානු කණ්ඩායම පරාජය කර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම අද (25) සමත් විය.

මෙහිදී පාකිස්තානයෙන් හිමිවූ ලකුණු 30ක පහසු ඉලක්කය බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගළ විසින්ම හඹා ගියහ.

මෙය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් පාකිස්තානු කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී පරාජය කර පළමු හා එකම අවස්ථාව ලෙසින් වාර්තා අතරට එක්විය.

රාවල්පිණ්ඩි හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 448ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශය තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 565ක් රැස්කළේය.

එහිදී අතිවිශිෂ්ට ඉනිමක් ගොඩනැගූ මුෂ්ෆිකර් රහීම් ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.

ඒ හේතුවෙන් පාකිස්තානයට ලකුණු 117ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹීමට සිදු විය.

නමුත් පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 146කට සීමා වූ අතර, ඒ වනවිට ඔවුන් බංග්ලාදේශ දෙවැනි ඉනිමට වඩා ඉදිරියෙන් සිටියේ ලකුණු 29ක් පමණි.

වසර 23ක (2001 – 2024) බංග්ලාදේශය – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර දෙරට අතර ටෙස්ට් තරග 13ක් පවත්වා තිබූ අතර, ඉන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්වීම හැරෙන්න තරග 12ක ජය තහවුරු කරගෙන තිබුණේ පාකිස්තානු කණ්ඩායමය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ටෙස්ට් ක්‍රීඩාකරන රටවල් අතරින් ඇෆ්ගනිස්තානය (1), ඔස්ට්‍රේලියාව (1), එංගලන්තය (1), අයර්ලන්තය (1), නවසීලන්තය (2), ශ්‍රී ලංකාව (1), බ.ඉ. කොදෙව් (4) හා සිබ්බාබ්වේ (8) යන කණ්ඩායම් එක්වරක් හෝ පරාජය කර ඇත.

තවදුරටත් ඔවුන්ට පරාජය කිරීමට නොහැකිව සිටින්නේ ඉන්දියාව හා දකුණු අප්‍රිකාව පමණි.

පුවත්

“ටීචර් අම්මා” පොලීසියට භාර වෙයි

Published

on

By

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්තිය අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

විත්තිකාරිනිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සිය සේවාදායිකාව අධිකරණයට භාර වූ බවය.

හයේෂිකා ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3ක් යෙදවූවද පොලිසියට ඇයව අධිකරණයට අද භාරවන තෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවිය

පොලීසිය කියා සිටියේ, අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී ඇය ඇගේ දියණිය ද සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බවය.

පසුගිය සතියේ තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි වන අන්දමින් පහරදීමේ චෝදනාවකට සැකපිට හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකාරීවරයා කටාන පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර එම සැකකරුවන්ව ඊයේ දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කලේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කොත්මලේ බස් අනතුරින් දිවි අහිමිවූවන්ට ජනපති අරමුදලෙන් වෙන්වූ මුදල් ප්‍රා.ලේ. කාර්යාල වෙත

Published

on

By

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබේ.

ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇත.

අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇත.

Continue Reading

පුවත්

ලිට්‍රෝ සේවක වර්ජනක්

Published

on

By

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved