Connect with us

පුවත්

බදු ගොඩ වැඩි වූ බව සුකෝ ගුණසිරි කියයි; පෙරන්නෝ අරක්කු හිඟයක් හදන්නයයි

Published

on

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව විශ්‍රාම ගොස් සිට නැවතත් එම තනතුරටම පත්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසයි.

මත්පැන්වල මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

“මිල වැඩිවීම හරහා නිෂ්පාදනය සෑහෙන්න අඩුවෙලා තියෙනවා. 2023 වසරේ ජනවාරියේ නිෂ්පාදනය එක්ක ගත්තහම මේ අවුරුද්දේ ජනවාරියේ නිෂ්පාදනය ලීටර් 657,000ක් අඩුවෙන් තමා නිෂ්පාදනය වෙලා තියෙන්නේ. එහෙම තියෙද්දිත් අපිට පුළුවන් වුණා 2024 පෙබරවාරි මාසය එක්ක සංසන්දනය කළාම 38%ක ආදායමේ වර්ධනයක් ලබාගන්න පුළුවන් වුණා. මාර්තු මාසයේ දීත් අපි බලාපොරොත්තු වෙනවා 30%ක විතර වර්ධනයක්.”

එළඹෙන අවුරුදු සමයේ දී නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදුකිරීමට සඳහා දිවයින පුරා විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා කියා සිටී.

මේ අතර, මත්පැන් නිෂ්පාදකයින් කියා සිටින්නේ මත්පැන් නිෂ්පාදනය අඩුවීම නිසා සිය ක්ෂේත්‍රය ප‍ාඩු ලබමින් තිබෙන බවයි.

බදු වැඩි කිරීම්වලට විරෝධය දැක්වීම සඳහා මත්පැන් නිෂ්පාදකයින් සතියක කාලයක් සිය නිෂ්පාදන නතර කිරීමට මේවන විට සාකච්ඡා කරමින් සිටින බව ප්‍රධාන මත්පැන් නිෂ්පාදකයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

කෙසේවුවද, මධ්‍යස්ථ මතධාරීන් කියා සිටින්නේ මත්පැන් බදු වැඩි නොකොට මේවන විට මත්පැන් නිෂ්පාදකයින් විසින් නොගෙවා ඇති හිඟ බදු අයකරගන්නේ නම් සුරාබදු දෙපාර්තමේන්තුවට විශාල ලාභයක් ලැබිය හැකි බවයි.

මීට පෙර සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කියා සිටියේ සුරාබදු මුදල් නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 9ක් ඇති බවත්, එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් බදු වශයෙන් අයකරගත යුතුව ඇති බවයි.

කෙසේවුවද, එම මුදල් අයකරගෙන ඇත්තේද යන්න පිළිබඳව සුරාබදු කොමසාරිස්වරයා මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් කර නොමැත.

සබැඳි පුවත්
පැන්ෂන් ගිය සුකෝ ගුණසිරි යළි එතනම පැලකිරීම අරක්කුකාරයෙක්ගේ වැඩක්? 

පුවත්

දේශබන්දුට මාතරින් නියෝගයක්

Published

on

By

මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව සිව්වන සමාලෝචනයට අදාළව IMF සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව 27 වැනිදායින් අවසන් (වීඩියෝ )

Published

on

By

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18 වනදා උදාවුණි.

ඒ, 16 වසරකට පසුවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved