රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරයට ශ්‍රී ජයවර්ධන සරසවියේ රසායන විද්‍යා අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත්කර ඇතැයි වාර්තා වේ.
හිටපු සභාපති ප්‍රසාද් සමරසිංහ මහතාට රට යාමට අවශ්‍ය බව පවසමින් අදාළ ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව සුදත්ත මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත්කර ඇති බව ද වාර්තා වේ.
මේවන විට දරුණු ආර්ථික අර්බුදයක පසුවන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නොගෙවන ලද විදුලි බිල පමණක් රුපියල් කෝටියකට ආසන්න බව පැවසේ.
අදාළ තත්ත්වය නිසා හිටපු සභාපති ප්‍රසාද් මහතාගේ සමයේදී අවස්ථා කිහිපයකදීම රූපවාහිනියේ විදුලි විසන්ධි කරනු ලැබීය.
එසේම ඔහු විසින් රූපවාහිනියට අයත් අයි. නාලිකාව අනීතික ලෙස ලයිකා මොබයිල් ආයතනයට බදු දීම නිසාද ප්‍රසාද් මහතා කතා බහට ලක් විය.
දිගින් දිගටම එම ආයතනයට පරිපාලනයට අදක්ෂ සභාපතිවරුන් පත් කිරීම හේතුවෙන් එය මේවන විට දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කෙසේවුවද, රූපවාහිනියට ශ්‍රී ජයවර්ධන සරසවියේ රසායන විද්‍යා අංශ ප්‍රධානියාව පත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ හාස්‍යට ලක්ව ඇති අතර සුදන්ත මහතා එම තනතුර බාර ගැනීම සම්බන්ධයෙන්ද කතා බහට ලක්ව ඇතැයි පැවසේ.