බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් සඳහා නව විෂයන් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත ලෙස කටයුතු කළ අජිත් බස්නායක මහතා බන්ධනාගාර කොමසාරිස් පාලන ලෙස ද, බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන ලෙස කටයුතු කළ ගාමිණී බී දිසානායක මහතා බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් සහ බුද්ධි හා ආරක්ෂණ ලෙස ද පත්කර තිබේ.
එසේම බන්ධනාගාර අධිකාරීවරුන් කිහිපදෙනෙකුගේ ද විෂය පථයන් වෙනස් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් හේමන්ත මහතා සැපයුම් අංශය භාර බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසත් ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා පුනරුත්ථාපන කටයුතු භාර බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසත් පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී යූ.බී. වලිසුන්දර මහතා කර්මාන්ත අංශය භාර කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.
එමෙන්ම බන්ධනාගාර අධිකාරී සහ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් 14 දෙනෙකු සඳහා ද ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
ඒ අනුව බෝගම්බර බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී එස්.කේ. පල්ලෙතැන්න, කලුතර බන්ධනාගාර අධිකාරී දම්මික දසනායක, මහර බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී රජීව් ශ්‍රීමාල් යන මහත්වරුන්ට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
තවද වැඩ ආවරණ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් ලෙස 11 දෙනෙකු සඳහා නව පත්වීම් සමග ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවද වාර්තා වේ.
මීට අමතරව බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරුන් 20 දෙනෙකුගේද ස්ථාන මාරුකිරීම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම සියළුම මාරු වීම් සහ විෂය පථ වෙනස් කිරීම් ලබන 05 වනදා සිට ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.