මේ වන විට බන්ධනාගාරගත සිරකරුවන්ගේ ප්‍රමාණය 30,000 ඉක්මවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ගාමිණී. බී. දිසානායක මහතා පවසයි.
ඔහු පවසා ඇත්තේ යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500ක් පමණක් බවය.
සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා අවධාරණය කරයි.
මේ වන විට බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවද, ඉන් 900 ක් බඳවා ගැනීමට අවසර ලැබී ඇති බව ද ඔහු සඳහන් කලේය.
බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය දීර්ඝකාලීනව තිබුණ බවත් මෙම නව බඳවා ගැනීම්වලින් පසු එම ගැටලුවට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ගාමිණී. බී දිසානයක මහතා තවදුරටත් පවසයි.