Connect with us

පුවත්

බ්‍රිතාන්‍යයේ සම්බාධක ගැන විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

Published

on

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින අතර අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සඳහන් කරයි.

මෙම ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් වෙත දන්වා ඇති බව සඳහන්ය.

අදාළ නිවේදනය,

“ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක” යන මැයෙන් එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය

“ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක” යන මැයෙන් 2025 මාර්තු 24 වැනි දින එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. එම පුවත්පත් නිවේදනයේ සඳහන් වී ඇති ආකාරයට, එක්සත් රාජධානියේ රජය පුද්ගලයන් සිවු දෙනකුට සම්බාධක පනවා ඇති අතර ඉන් තිදෙනෙක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීහූ වෙති.

 “වගකිවයුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේයැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක්” සම්බන්ධයෙන්ද එකී පුවත්පත් නිවේදනයේ සඳහනක් වෙයි.

 අදාල පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි. රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වේ.

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින අතර අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු වේ.

ශ්‍රී ලංකා රජයේ මෙම ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා වෙත අද දින (26) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී දැනුම් දෙනු ලැබිණි.


විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 මාර්තු 26 වැනිද

සබැඳි පුවත් :

පුවත්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය අඟහරුවාදා මෙම ගිනිඅවිය හමුවූ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Continue Reading

පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

Published

on

By

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 25 වැනිදා (ඉරිදා) පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

මේ හේතුවෙන් කොළඹ නගරය ඇතුළව තදාසන්න ප්‍රදේශ රැසක ජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ඉල්ලා සිටියි.  

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ,

  • කොළඹ 1 සිට15 දක්වා,
  • කෝට්ටේ,
  • කඩුවෙල,
  • බත්තරමුල්ල,
  • කොලොන්නාව,
  • කොටිකාවත්ත,
  • මුල්ලේරියාව,
  • IDH,
  • මහරගම,
  • දෙහිවල,
  • ගල්කිස්ස,
  • රත්මලාන සහ මොරටුව

Continue Reading

පුවත්

දයාසිරිගේ හැසිරීම විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

Published

on

By

දයාසිරි ජයසේකර මහතාගේ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කථානායක වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

අද (23) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

කථානායකවරයා නිවේදනය කර සිටියේ, ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිලිලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බවය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය නම්කර ඇත.

එහි සෙසු සාමාජිකයන් වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved