Connect with us

පුවත්

බැසිල්ව පිළිගැනීම ගැන පාර්ලිමේන්තුවේ මත ගැටුම්

Published

on

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට නැවත මෙරටට පැමිණීමේදී කටයුතු කළ ආකාරය සහ ඊට සහභාගී වූ පුද්ගලයන් පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් පළ විය.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති පිළිගැනීමේ උත්සවයට ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාද සහභාගී වී ඇති බවත්, ඔහුව වහාම එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් එහිදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතැ පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ අවම වශයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුවත් නොවන බැසිල් රාජපක්ෂ මහතාට කටුනායක ගුවන්තොටුපලේ වී.අයි.පී. පර්යන්තය ලබා දීම සහ පොලිස් ට්‍රැෆික් බයික් රථ ලබා දෙනු ලැබුවේ කුමන පදනමක් මතද යන්න පැහැසිලි කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් වියරු වැටී සිටින බවත්, ඒ අනුව මෙවැනි ප්‍රකශ සිදු කරන බවත් එහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර – මම මේ සී.ඩී එක සභාගත කරනවා. පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහ එම්.පී. පෙරේරා කියන පුද්ගලයා බැසිල් රාජපක්ෂ පිළිගන්න ගුවන්තොටුපලට ගිහින් තිබෙනවා. එදා ගුවන්තොටුපලෙන් එළියට යද්දි මිනිස්සු තමයි හොරාව අල්ල ගත්තේ. දැන් කපුටාව පිළිගන්න පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා යනවා. මෙතනනත් ඉන්නවා ලැජ්ජා නැතිව ගිය මිනිස්සු. ඒ නිසා කරුණාකරලා මේ පොලිස් කොමිසමේ චන්ද්‍රා ප්‍රනාන්දුවයි එම්.පී. පෙරේරාවයි කනෙන් ඇදලා එළියට දාන්න කියලා කථානායකතුමාට කියනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන – කොමිෂන් සභා අලුතින් පත් කිරීම සිදු වෙනවා හෙට අනිද්දා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් – බැසිල් රාජපක්ෂ කියන්නේ පාර්ලිමේන්තුවේ තියා අඩුම වශයෙන් ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රී කෙනෙක් නෙවෙයි. ඒ අනුව කටුනායක ගුවන් තොටුපලේ වී.අයි.පී. පර්යන්තය ඔහුට ලබා දුන්නේ කොහොමද? පොලිස් ට්‍රැෆික් බයික් ලබා දුන්නේ කොහොමද? මොකක්ද පදනම? ඒක පැහැදිලි කරන්න කියලා මම කියනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොට – බැසිල් රාජපක්ෂ මහත්මයා ඊයේ ආපු නිසා මේ අය වියරු වැටිලා ඉන්නේ. වෙන මුකුත් නෙවෙයි.

(අද)

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved