Connect with us

පුවත්

බැසිල් කටුනායක පහසුකම් ලබා ගත්තේ සල්ලි ගෙවලා – සාගර කාරියවසම්

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුගිය 20 වෙනිදා අනීතික හෝ අසම්මත කිසිවක් සිදුනොවූ බවත් ඒ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොර බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ බිරිද ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම සඳහා එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ද, තේ පැන් සංග්‍රහය සඳහා මුදල් ද, ගෙවා ඇති බවත් එම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ලබාගෙන ඇති බවත් සාගර කාරියවසම් මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

(ලංකාදීප)

සබැඳි පුවත්

බැසිල් තාමත් යැපෙන්නේ ආණ්ඩුවෙන්; UNPයෙන් බැසිල්ට එකට එක කරයි

Continue Reading

පුවත්

රාජපක්ෂ ජ්‍යෙෂ්ඨයෝ මහ මැතිවරණයට නෑ; නාමලුත් ජාතික ලයිස්තුවට

Published

on

By

එළඹෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟ නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ද මහමැතිවරණයට තරඟ නොකරන බවයි.

ඉකුත් ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ ද මහමැතිවරණයේ අපේක්ෂකයෙකු නොවන අතර ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

එමෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙවර මහමැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් හෝ ඉදිරිපත් නොවේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහයෝගය ලබා දීමට තීරණය කර ඇත.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මොණරාගලින්ද, නිපුන රණවක මාතරින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ගේ නමද ඇතුළත් කර ඇත්තේ ජාතික ලැයිස්තුවටයි.

මේ අතර හිටපු අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ ද මෙවර මහමැතිවරණයට තරඟ නොකරන බව ඔහු නියෝජනය කරන මව්බිම ජනතා පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසිය.

(nethnews.lk)

Continue Reading

පුවත්

ලංකාව ගැන කෙටුම්පත ඡන්දයකින් තොරව සම්මතයි

Published

on

By

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ A/HRC/57/L.1 යෝජනා කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ඇත.

ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරයේදීයි.

Continue Reading

පුවත්

ජනපති, රේගුවේ හා ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවේ

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේදී තමන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව මෙහිදී දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරන ලදී. එම ගැටළුවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමේ වැදගත්කම එහිදී අවධාරණය කරනු ලැබීය. 

බදු නීති මනා සම්බන්ධීකරණයකින් යුතුව වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සහතික කරමින්, බදු පැහැර හැරීම් වැළැක්විමට සහ ආදායම් එකතු කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිද වැඩිදුරටත් අවධානය යොමු විය. 

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස්, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එච්.ඩබ්ලිව්.එස්.පී.කරුණාරත්න, සී.එස්.ඒ චන්ද්‍රසේකර, ඩබ්ලිව්.එස්.අයි සිල්වා, එස්. පී. අරුක්ගොඩ, ජේ. එම්. එම්. ජී. විජේරත්න බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. ඩබ්ලිව්. එල්.සී. වීරකෝන්, ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්. ආර්.ජී.ඒ.බී. මුතුකුඩ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

එසේම දේශීය ආදායම්  දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එස්. චන්ද්‍රසේකර, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් වන බී.කේ.එස්. ශාන්ත, ජේ.ඒ.ඩී.ඩී.බී.කේ සිරිවර්ධන, ජේ.ඩී. රණසිංහ, ඩී.එම්.එන්.එස්.බී. දිසානායක, එච්.එච්.එස් සමන්ත කුමාර, ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ටී.එම්.එස් තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සාකච්ඡාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved