Connect with us

පුවත්

බිම්බෝම්බ ඉවත් කිරීම සිදුකරන දේශීය NGO වලට ජපන් තානාපතිගේ ප්‍රශංසාව

Published

on

සමාජ සහජීවනය සඳහා වන ඩෙල්වොන් ආයතනය, Delvon හෙවත් ඩෑෂ් (DASH) හි අධ්‍යක්ෂක / වැඩසටහන් කළමනාකරු ආනන්ද චන්ද්‍රසිරි මහතා සහ ස්කැවිටා (Skavita) මානුෂීය සහය සහ සහන ව්‍යාපෘතිය, හෙවත් ශාප් (SHARP) හි අධ්‍යක්ෂක /වැඩසටහන් කළමනාකාර සරත් ජයවර්ධන මහතා වෙත ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අති ගරැ මිසුකොෂි හිදයකි මැතිතුමා විසින් 2023 මැයි 12දා තානාපති නිල නිවසේදී තානාපති තුමන්ගේ ප්‍රශංසාව පිරිනැමිණි.

ඩෑෂ් (DASH) සහ ශාප් (SHARP) යනු ජපන්  රජය විසින් බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති (GGP) හරහා ආධාර ප්‍රදාන හෙවත් අරමුදල් සපයන,උතුරු සහ නැගෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශවල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින දේශීය රාජ්‍ය නොවන සංවිධාන වේ.

චන්ද්‍රසිරි මහතා සහ ජයවර්ධන මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් මගින් පමණක් නොව යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හී වාර්ගික කණ්ඩායම් අතර සාමය සහ සමගිය තහවුරැ කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් තුළින් ස්ථාවරත්වය ඇති කිරීමටත් නැවත පදිංචි කිරීම් සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමටත් විශාල දායකත්වයක් දක්වා ඇත.

පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 සිට

Published

on

By

විෂය නිර්දේශ මෙන්ම විභාග ක්‍රමය ද ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.

පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යෝජනාවල සාධනීය වෙනස්කම් සිදුකර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

එතුළින් සිසුන්ට වඩාත් යෝග්‍යවන අයුරින් පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක්කරන බව ද අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය.

ඒ අනුව අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය අවම කිරීමේ අරමුණින් 2026 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යෝජනා කරන අතර, විභාග ක්‍රමය හා විෂයමාලා සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව අගමැතිනිය පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් විෂයමාලා ඇඟයීම් සහ තක්සේරු කරන ක්‍රියාවලියන් සංශෝධනය වෙනවා. ඒ අනුව වර්තමානයේ පාසල් සිසුන් ඉගෙනුම ලබන විෂයන් සංඛ්‍යාව ඇඟයීම හා තක්සේරුකරණ ක්‍රියාවලිය හරහා ඇති වෙන ශිෂ්‍ය පීඩනය අවම වෙන පරිදි අපි සංශෝධනය කරනවා. අපි අපේක්ෂා කරනවා විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ප්‍රායෝගික, ළමුන්ට බරක් නොවන අධ්‍යාපනයක් ලබාදෙන්න අපි සැලසුම් කරනවා.”

මේ අතර සෞන්දර්යය, තොරතුරු තාක්ෂණය හා ගිණුම්කරණය වැනි විෂයන්වල අන්තර්ගතයන් වඩාත් යෝග්‍ය පරිදි වෙනස් කිරීමට කටයුතු කරන බවත් එම විෂයන් කිසිවිටෙකත් ඉවත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

“අපි දකින විදියට මේ විෂයන් අධ්‍යාපනය තුළ තිබිය යුතුයි. ඒවා අන්තර්ගත විය යුතුයි විෂය මාලාවට.”

මේ අතර අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යමින් සිටින අවස්ථාවක අංශ තුනකින් එය සිදුකිරීමට බලාපොරොත්තුවන බවද පැවසු අග්‍රාමාත්‍යවරිය, ගුරු පුහුණුව, පාසල් සංවිධානය හා යටිතල පහසුකම් වර්ධනය මෙන්ම පාසල් විෂය අන්තර්ගතය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන බව ද පැවසුවාය.

Continue Reading

කලා

‘Papon Live’ කොළඹදී පැවැත්වේ! (ඡායා)

Published

on

By

76 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ  ‘Papon Live’  (පැපොන් ලයිව්) ප්‍රසංගය ඊයේ (22) උත්කර්ෂවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහළේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් – ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය වසන්ත සමරසිංහ, මහබැංකු අධිපති – ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ, හර්ෂණ සූරියප්පෙරුම, සුනිල් වටගල, මහින්ද ජයසිංහ සහ චතුරංග අබේසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

පැපොන්ගේ ආත්මීය තනු වලට අමතරව, ආචාර්ය රවිබන්දු විද්‍යාපති ප්‍රමුඛ සංගීත හා ගායන කණ්ඩායමයක දක්ෂතා වලින්ද මෙම උත්සවය වඩාත් වර්ණවත් විය. 

අසාම් ප්‍රාන්තයෙන් බිහිවූ ‘අංගරාග් මහන්තා’ ශෛලයන් ගණනාවක ගී ගයන අතිදක්ෂ ඉන්දීය ගායකයෙකු මෙන්ම සංගීතඥයෙකි.  

Moh Moh Ke Dhaage (Dum Laga Ke Haisha), Kyon (Barfi!) Jiyein Kyun (Dum Maaro Dum), Humnava (Hamari Adhuri Kahani), හා Labon Ka Karobar (Befikre) වැනි චිත්‍රපට ගීත රැසක් ගායනා කර ඇති ඔහු, කෝක් ස්ටූඩියෝ, MTV අන්ප්ලග්ඩ් වැනි අතිජනප්‍රිය සංගීත වැඩසටහන් වලටද දායකත්වය ලබාදෙමින් සම්මාන රැසකට හිමිකම් කියයි.

(ඡායා : ශානිකා ජයසේකර ‍| අතිරේක ඡායා : ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය)


Continue Reading

පුවත්

අනුර යාපාට ඇප

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මෙහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.


(පෙර පුවත: 2025 ජනවාරි 23, ප.ව.02:01)

අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ අධිකරණයට

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවය.

2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ 46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

ඒ අනුව එම මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපොළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙල් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved