Connect with us

පුවත්

බියර් ඉල්ලුම පහළට; ගබඩාවලම කල් ඉකුත් වෙලායයි?

Published

on

ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදනය කර ඇති බියර් කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී පවා ගබඩාවල ගොඩ ගැසී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ මත්පැන් අලෙවිය 30%කින් පමණ අඩු වීම හේතුවෙනි.

මේ තත්ත්වය මත මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් සමාගම් සති දෙක තුන වසා දමා තිබෙන බවද පැවසේ.
මේ අතර, 

සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා මාධ්‍යට පවසා ඇත්තේ දේශීය මත්පැන් අලෙවිය පහත වැටී ඇති බැවින් මෙරට නිෂ්පාදිත මත්පැන් අපනයනය කිරීම වැඩි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි.

දැනටමත් වාර්ෂිකව ලබන අපනයන ආදායම බිලියන 22ක ප්‍රමාණය බිලියන 30-35 දක්වා වැඩි කර ගැනීම අපේක්ෂාව බවද කොමසාරිස්වරයා කියා සිටී.

පසුගිය කාලයේ එතනෝල් මිල සීග්‍රයෙන් ඉහළ ගියද මේ වන විට එතනෝල් මිල පහත බැස ඇති බවත් ලංකාවේ එතනෝල් අතිරික්තයක් පවතින බවත් පැවසේ. 

එසේ වුවද මේ වන විට ලංකාවේ සියලුම භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති පසුබිමක රාජ්‍ය සේවකයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව අත රැඳෙන මුදල සීමාවීම නිසා මත්පැන් මිලදී ගැනීමට පෙලඹීම අඩුව ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියි.

මේ නිසා සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ ආදායම් ඉලක්කය වන බිලියන 214 සම්පූර්ණ කර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් අනුගමනය කිරීමට සැලසුම් කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති. 

එසේම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ 350 පමණ මේ වන විට පුරප්පාඩු වී තිබීම නිසා ඉලක්ක ගත ආදායම සපුරා ගැනීමට එය තරමක බාධාවක් වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved