රවිඳු සංඛ ද සිල්වා නොහොත් “බූරු මූණා” තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව අදාළ සැකකරුව ජුනි මස 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඉකුත් පෙබරවාරි 24 වැනිදා ව්‍යාජ නමක් භාවිත කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා පැන යෑමට පැමිණි අවස්ථාවේදී ඔහුව ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොල පොලීසිය වෙත භාරදී තිබුණි.
එහිදී බුරුමුණා නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමෙන් අනතුරුව මාර්තු මස 17 වැනිදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.
පසුව සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණි.
සබැදි පුවත්
බූරු මූණාට දෙන්නෙක් මරන්න කොන්ත්‍රාත් දුන් සිගිති අත්අඩංගුවට!
බූරු මූණාගේ ඝාතන වැලේ සුළමුළ එළියට!
බූරු මූණා අත්අඩංගුවට
බූරු මූණා වහංකළ යුවල දැලේ!
බූරු මූණා පන්නගෙන ගිය සාධුලා මාට්ටු වෙයි !
බූරු මූණා පැන්නූ පොලිසියේ හතරගේ බැංකු ගිණුම් පරික්ෂාවට!