Connect with us

පුවත්

බේරේ බෝට්ටු පැද්ද අය සල්ලිත් බෙරෙට දාලා!

Published

on

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සංස්ථාව දැරූ මුදල රුපියල් කෝටි හතරකට වැඩිය.

රුපියල් කෝටියකට වැඩි වටිනා නව බෝට්ටුවක්ද මෙම ව්‍යාපෘතිය සඳහා යොදවාගෙන තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සංස්ථාව මෙම බෝට්ටු සේවාව ආරම්භ කර තිබූ බව විගණන අංශ පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

රජයේ සියලු පාසල් හෙට නිවාඩු

Published

on

By

ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට හෙට (20) නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ඒ අනුව පාසල් යළි ලබන 23 වනදා ආරම්භ කෙරෙන බවය.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අද (19) පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය.

Continue Reading

පුවත්

කුරුණෑගලත් වෙඩි තැබීමක්

Published

on

By

කුරුණෑගල – රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

මෙය පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීම වේ.

අනෙක් වෙඩි තැබීම් වාර්තා වූයේ කොහුවල, තංගල්ල සහ මිදිගම ප්‍රදේශ වලින් වන අතර, ඉන් තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා තිබුණි.

Continue Reading

පුවත්

ආහාර විස වී 500ක් රෝහලේ

Published

on

By

පොළොන්නරුව, බකමුණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක සේවක සේවිකාවන් 500කට ආසන්න ප්‍රමාණයක් ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ ආහාර විෂ වීමකින් අනතුරුව ඔවුන් අද (19) උදෑසන බකමුණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල් වලට ඇතුළත් කර ඇති බවය.

අසාධ්‍ය වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථ වලින් හා ගිලන් රථ මගින් බකමුණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි.

මේ අතර, අත්තනකඩවල සහ බකමූණ රෝහලට ඇතුළත් කර ඇගලුම් කර්මාන්ත සේවක, සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved