Connect with us

පුවත්

බොරතෙල් නැවක් දින 40 ක් මෙරට මුහුදේ

Published

on

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට ‍නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම නෞකාව දිවයිනට ළඟාවී දැනට දින ‍40 කට අධිකය. බොරතෙල් නොමැති වීම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ද වසා දමා තිබේ කෙසේවෙතත් දිවයිනට ළඟාවූ ඩිසල් ‍නෞකාවට ඊයේ(20) මුදල් ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ය. එහි ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 40,400ක් ගොඩබෑම අද (21)ආරම්භ කිරීමට නියමිත අතර ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවකට ද මුදල් ගෙවා ඇති අතර එහි තොග ගොඩ බෑම මේ වනවිට ආරම්භ කර තිබේ. මූලාශ්‍රය නිවුස් ෆස්ට්

පුවත්

බදු ගෙවීම පැහැර හැරියැයි ජනක රත්නායකට හා බිරිඳට අධිකරණයේ පෙනී සිටීමට නියෝග

Published

on

By

රුපියල් ලක්ෂ 336 කට අධික බදු මුදල් රජයට ගෙවීම පැහැර හරින ලදැයි කියන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති අපේක්ෂකයකු වූ ජනක රත්නායක හා ඔහුගේ බිරිඳට ලබන දෙසැම්බර් 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඊයේ (04) නියෝග කළේය.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩු 02 ක් කැඳවූ අවස්ථාවේදී එම නඩුවල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි ජනක රත්නායකට සහ ඔහුගේ බිරිඳ වන කුමාරි ද සිල්වාට එම නියෝගය නිකුත් කළේය.

කොළඹ, කිරුලපන ප්‍රදේශයේ පරිගණක සේවා සැපයීමේ සමාගමක් (Rent a Company service Pvt Ltd) පවත්වාගෙන යමින් එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරමින් 2016 – 2017 සහ 2018 වසරවලට අදාළ වැට් බදු සහ ආදායම් බදු රජයට ගෙවීම පැහැර හරින ලදැයි චෝදනා යටතේ මෙම නඩු ජනක රත්නායකට සහ ඔහුගේ බිරිඳට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් වගඋත්තරකරුවන්ට අධිකරණය මගින් නිකුත් කළ නොතිසිය නිසි පරිදි දුන් බවට (අලවා භාරදී ඇති බවට) පිස්කල්වරයා කරුණු වාර්තා කර ඇති බව දන්වා සිටියේය. වගඋත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් ජයවර්ධන කරුණු ඉදිරිපත් කරමින්, සමාගමේ අධ්‍යක්ෂවරයකු අධිකරණයේ පෙනී සිටින බව සඳහන් කළේය.

(අරුණ)

Continue Reading

පුවත්

පාස්පෝට් වලට දින ගන්න ඔන්ලයින් ක්‍රමේ 06දා සිට

Published

on

By

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට දිනයක් වෙන් කර ගැනීමේ මාර්ගගත ක්‍රමය නොවැම්බර් 06 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද (04) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවේ ආගමන විගමන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙසේ දිනයක් වෙන් කර ගත හැකි වනු ඇති බවයි.

“එක් දිනයක් ලබාගෙන වෙන් කරවා ගැනීම සිදුකරකොට යම් සීමා සහිත ප්‍රමාණයක් තමයි ටෝකන් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ඉදිරි දිනයක් සඳහාත් ඔබට වෙන් කරවා ගැනීමට පුළුවන්. ඒ අනුව ඔබට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳලා ඕනෑම පුද්ගලයෙකුට මේ වෙබ් අඩවිය හරහා දිනයක් වෙන් කරවා ගැනීමට පුළුවන්. ඒ අනුව නොවැම්බර් මාසේ 6 වැනිදා ඉඳලා මෙම මාර්ගගත ක්‍රමය ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒ නිසා නොවැම්බර් මාසේ 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණීමෙන් වළකින ලෙස අපි මහජනතාවට දැනුම් දෙනවා. ඒ වගේම මේ වෙනකොට නොවැම්බර් මාසේ අග වෙනකන්ම අපි දින ලබා දීලා ඉවරයි. ඒ නිසා දෙසැම්බර් මාසේ මුල් දිනයක ඉඳන් ඔබට දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා,” යැයි ඇය පැවසුවාය.

කෙසේවෙතත්, යම් අයෙකුට හදිසියේ විදෙස්ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින්නේ නම් ඒ සඳහා එම සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන පැමිණිය හැකි බවද ඇය පැවසුවාය.

ඒ සඳහා කටයුතු කිරීමට ස්වාධින කමිටුවක්ද ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති බවද ඇය දැනුම් දුන්නාය.

“ඇත්තෙන්ම හදිසි අයෙකුට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවට තිබුණාත් මේ ක්‍රමවේදය හරහා ගිහින් දිනයක් ලබා ගැනීම සිදුකළ යුතුයි. ඒ දිනය ලබා ගන්නකොට තමයි එයාට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ මම දිනයක් ලබා ගත්තා නමුත් ඊට කළින් මට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවට තියෙනවා කියලා. එහිදී ඔහුට දැඩි අවශ්‍යතාවට සනාථ කරන්න පුළුවන් ලියකිවිලිත් අරගෙන අපේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්න පුළුවන්. අපි මේ වෙනකොටත් ඒ වෙනුවෙන් ස්වාධීන කමිටුවක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ කමිටුව හමුවට ඔහගේ අවශ්‍යතාවය සනාථ කරන්න පුලුවන් ලිපි ලේඛන රැගෙන පැමිණෙන් කියලා අපි කියනවා. එහිදී ඔහුට යම් ආකාරයේ සහනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපි අවධාරණය කරනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් විදිහට යම් ආකාරයේ ව්‍යාජ ලේඛන, කූඨ ආකාරයෙන් සැකසූ ලේඛන ඒ අවස්ථාවේදී ඉදිරිපත් කළොත් ඒ සම්බන්ධව අපි නීත්‍යානුකූලව කටයුතු කරන්න නොපමාවම සූදානමින් සිටිනවා.”

Continue Reading

පුවත්

සා / පෙළ  අයැදුම්පත් භාරගැනීම හෙට සිට

Published

on

By

2024 (2025) අ.පො.ස සා/පෙළ විභාගය සඳහා අයැදුම්පත් හෙට (05) සිට මාර්ගගතව භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ 2024 නොවැම්බර් 30 මධ්‍යම රාත්‍රිය තෙක් පමණක් එම අයදුම්පත් භාරගන්නා බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved