ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණ විභාගයකින් පැහැදිලි තොරතුරු අනාවරණය වුවහොත් අදාළ ඡන්ද අපේක්ෂකයාගේ ප්‍රජා අයිතිය වසර තුනකට අහෝසි වන බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ එලෙස ප්‍රජා අයිතිය අහෝසි කෙරුණු අවස්ථා ඉතිහාසය පවතින බවය.
එමෙන්ම ඔහුගේ මන්ත්‍රී ධූරය අහිමි කිරීමටද ප්‍රතිපාදන ඇති බව ඔහු පවසා සිටියේය.
මේ අතර ජනාධිපති අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් විස්තරය මැතිවරණයෙන් පසු පුවත්පත් දැන්වීම් වල සහ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.
වියදම් විස්තර පරස්පර හෝ වැරදි තොරතුරු ලබා දී ඇත්නම් ජනතාවට ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නීතියෙන් අවසර හිමිවන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේය.
මේ අතර සෑම මැතිවරණයක් අවසානයේදී දින තිස් එකක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවද කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
අපේක්ෂකයන්ගේ වියදම් විස්තරය දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතු වේ.