Connect with us

පුවත්

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩ ( Update )

Published

on

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර – පිටකොටුව බස් රථයේ හිමිකරු, රියදුරා සහ කොන්දොස්තරවරයාට එරෙහිව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙලෙස ක්‍රියා කළ බස් රථයේ රියදුරාගේ සහ කොන්දොස්තරවරයාගේ සේවය ජනවාරි 15 වනදා දක්වා තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

රියදුරාට රුපියල් 2,500ක දඩයක් සහ කොන්දොස්තරවරයාට රුපියල් 750ක දඩයක්ද පනවා තිබේ.

එම කාලය ඇතුළත ඔවුන් දෙදෙනා වෙනත් බස්රථයක සේවය කළහොත් අදාළ බස් රථයේ මාර්ග බලපත්‍රය අහෝසි කරන බවද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

එසේම, ජනවාරි 21 වනදා පුහුණුවක් සඳහා ඔවුන් දෙදෙනාව කැඳවීමටද කටයුතු කර තිබේ.

ඊට අමතරව අදාළ බස් රථයේ මාර්ග බලපත්‍රය ජනවාරි 10 වනදා දක්වා පරීක්ෂණයකට යටත්ව අත්හිටුවීමටද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර තිබෙන බවයි පැවසේ.


නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

අදාළ සිදුවීම හේතුවෙන් බලපෑමට ලක්වී ඇති රෝගීන් 17 දෙනෙකු සඳහා පහත සඳහන් පරිදි වන්දි මුදල් ගෙවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමත කර තිබුණි

රෝගීන් 12 දෙනෙකු සඳහා රුපියල් 1,000,000/

රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 750,000/

එක් රෝගියෙකු සඳහා රුපියල් 700,000/

රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 250,000/

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීම පිළිබඳව වින්දිතයන්ට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය තීරණය කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමට 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඵ් අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් අදාළ කරුණු අධ්‍යයනය කර ගෙවිය යුතු වන්දි මුදල් පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කලේය.

එම නිර්දේශ මත පදනම්ව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.


(පෙර පුවත 2024 ජනවාරි 07 ප. ව 4:47)

මගීන් බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවයි

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවය.

එමෙන්ම පවතින තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

පුවත්

මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මෙරට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යයන චාරිකාවක

Published

on

By

මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීහු අද දින අධ්‍යයන චාරිකාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. 

ඔවුහු ජුනි 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අපේක්ෂා කරති. 
ඔවුන්ගේ මෙම අධ්‍යයන චාරිකාවේදි මූලික අවධානය යොමු වන ක්ෂේත්‍ර අතරට ලේඛනාගාර සහ වාර්තා නඩත්තු කිරීම හා සංරක්ෂණය, ගබඩා කළමනාකරණය, ඉන්වෙන්ටරි පාලනය සහ තොග සංරක්ෂණය ඇතුළත් වේ.

මෙම චාරිකාව අතරතුර ඔවුන් ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට නියමිතය.

මෙම අධ්‍යයන චාරිකාව සඳහා මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අට දෙනෙක් එක්ව සිටින අතර  ඔවුහු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා හමු වී අදහස් හුවමාරුවක නිරත වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

එ.ජා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට (Update)

Published

on

By

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

———————

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද මෙරටට

(පෙර පුවත : 2025/06/23 at 7:30 am)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඔහු අද සිට ලබන 26 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවය.

2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බව සඳහන් වේ.

සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද හමුවීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

FAO පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කිරීමට අවසර

Published

on

By

ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) පර්යේෂණ නෞකාව සඳහා ශ්‍රී ලංකාව අවසර ලබා දී තිබේ.

අගෝස්තු 15 සිට 20 දක්වා කාල සීමාව තුල එම නෞකාව මෙරට මුහුදු තීරයේ සිය පර්යේෂණ කටයුතු සිදුකරනු ඇත.

අදාළ නෞකාවට ශ්‍රී ලංකා භෞමික ජල තීරයේ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙය, මත්ස්‍ය තොග, ජෛව විවිධත්වය සහ සාගර විද්‍යාත්මක තත්ත්වයන් පිළිබඳ වැදගත් දත්ත රැස් කරන පර්යේෂණ නෞකාවකි.

මෙම නෞකාව,  ශ්‍රී ලංකා ජල තීරයේ පර්යේෂණ කටයුතු සිදු කිරීමට උත්සාහ කළ නමුත්, විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) නොමැති විට රජය මීට පෙර එයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කර තිබුණි.

යම්හෙයකින් මෙම පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීමට හිමි නොවුවහොත්, ඒ හේතුවෙන් ලංකාවට ඩොලර් මිලියනකට වඩා අධික ආධාර අහිමිවීමටත්, අනාගත හරිත දේශගුණික අරමුදල් මුලපිරීම් වලට බලපෑම් ඇතිවීමටත් ඉඩතිබුණු බවටද මීට පෙර වාර්තා විය.  තවද, මෙම නෞකාව 2030 වසරට පෙර යළිත් ලංකාවට පැමිණීමේ අවස්ථාවක් නොපැවතිනි.

විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා වසරක් පුරා පැවති තහනම 2024 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වූ අතර, ඉන්පසු 2025 ජනවාරි අගදී ශ්‍රී ලංකාවේ විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දීම සඳහා SOP සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් තීරණයක් ගන්නා ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved