Connect with us

පුවත්

‘මග නැගුම’ හිටපු ලොක්කන් පිරිසක් ළඟදීම අත්අඩංගුවට ගන්න බව පොලිසිය අධිකරණයට කියයි

Published

on

රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කරන ලදැයි චෝදනා යටතේ මග නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් පිරිසක් ළඟදීම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත ඊයේ (27) දන්වා සිටියේය.

ඉකුත් 2012 සහ 2015 අතර කාලය තුළ දී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දෙමින් සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කරන ලද රුපියල් කෝටි ගණනක මුදලක් අවභාවිත කිරීම යටතේ මග නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් නීතිපතිවරයා දුන් උපදෙස් පරිදි අත්අඩංගුවට ගන්නා බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෙත එලෙස දන්වා සිටියේය.

මග නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින මග නැගුම හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අබේසිංහ අධිකාරී සහ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) අනගි පුරගේ මයිකල් නමැති සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිසිය එලෙස දන්වා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචිනි උමයංගනී කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව නඩුව වසර 09 ක් තිස්සේ එනම් 2016 වසරේ විමර්ශන කරන නඩුවක් බව පෙන්වා දුන්නාය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා තම සේවාදායකයා සහාය ලබා දෙන හෙයින්, ඔහු ඇප මත මුදා හරින ලෙසද නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි විමර්ශන තවදුරටත් කරන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දන්වා සිටියේය.

එම විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් දෙදෙනා ලබන මස 03 වන දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළාය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න 

Published

on

By

ඊයේ (මැයි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක්

Published

on

By

ලුණු ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරිමට හැකි වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවය.

ඒ අනුව ලුණු ආනයනය කිරිම සදහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බව ඇය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇතැයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සදහන් කළා ය.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්  කළේ අද(20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක්  මෙරටට ආනයනය කෙරෙන බවයි.

බදාදා,බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved