මෙරට මත්පැන් නිෂ්පාදනය මෙම වර්ෂයේ (2025) මුල් භාගයේ දී ඉකුත් වසර දෙකට සාපේක්ෂව (2023,2024) සියයට 22කින් ඉහළගොස් ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ සඳහන් වේ.
ඉකුත් වසර දෙක තුළ දක්නට නොලැබුණු ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් මත්පැන් නිෂ්පාදනය වැඩි වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.
සුරාබදු හේතුවෙන් රජයේ ආදායම ද 23%කින් වැඩි වී තිබේ. කෙසේ වුවද 2022 වර්ෂයේදී ලීටර් මිලියන 26ක් වූ මෙරට සැර මත්පැන් පරිභෝජනය 2024 වර්ෂයේදී ලීටර් මිලියන 19.31 දක්වා අඩුවී ඇත.
මත්පැන් මිල වැඩිවීම සහ ආර්ථික අර්බුදය මේ සඳහා හේතුවී තිබිණි. සුරාබදු මුදල වැඩි කිරීමත් සමග නීති විරෝධී මත්පැන් පරිභෝජනය තවත් ඉහළ යාහැකි බව ද කාරක සභා වාර්තාවේ සඳහන් වේ.
සෑම වසරක ම නීති විරෝධී ලෙස ස්ප්‍රීතු ලීටර් මිලියන 30-35ක් අතර සංඛ්‍යාවක් පරිභෝජනය කෙරේ.
මේ සඳහා ආරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිතීන් සහතික කරමින් 85%ක මද්‍යසාර අන්තර්ගතයක් සහිතව නව මද්‍යසාර පාන වර්ගයක් හඳුන්වා දීමට යෝජනාවක් ද ඉදිරිපත්ව ඇත.
සුරාබදු ආදායම පවත්වා ගැනීමට සහ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට මෙරට වැඩිපුරම පාරිභෝජනය කරණු ලබන මිලිලීටර් 180 පරිමාවෙන් යුත් කාලේ බෝතල් සියයට 25ක මද්‍යසාර අන්තර්ගතයක් සහිතව නිෂ්පාදනය කිරීම ද මෙම සැලසුමට ඇතුළත්ව තිබේ.
– මව්බිම –