Connect with us

පුවත්

“මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙන්නේ නැත”

Published

on

වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබානොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) තහවුරු කළේය.

ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“අපේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබාදෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යන්න ආණ්ඩුවෙන් වාහනයක් දෙන්න සැලසුම් කරලා තිබෙනවා. මන්ත්‍රී ධුරය අවුරුදු 5 ඉවර වුණාට පස්සේ ඒ වාහනය ආපහු බාර දෙන්න ඕනේ.”

“අති සුඛෝපභෝගී නොවන වාහනයක් ලබාදීම සඳහා දැන් වාහන සංචිතයක් හදාගන්න වෙලාවක් නැහැ. හැබැයි රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කරන්න අපේ බලාපොරොත්තුවකුත් නැහැ. අපේ ප්‍රමුඛතාව මන්ත්‍රී වාහන නෙමෙයි…

…මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙන්නේ නැත…

අවුරුදු 5කට පස්සේ තමයි අපේ ආණ්ඩුව තීරණයක් අරගෙන තියෙන්නේ වාහන ආනයනය සඳහා යම් අවසරයක් ලබාදෙන්න. දැන් ආර්ථිකය අපි ප්‍රතිසංස්කරණය කරගනිමින් යනවා. එයට සාපේක්ෂව වාහන ආනයනය සඳහා අපි යම් අනුමැතියක් දී තිබෙනවා.”

“මෙයින් අපේ විදෙස් සංචිතවලට එන බලපෑම පිළිබඳව සුපරික්ෂාකාරීත්වයකින් තමයි වාහන ආනයනය කරන්නේ.”

“ආරම්භයේදී සම්පූර්ණයෙන් විවෘත කරන්න බැහැ.”

“ඒකට අදාළ ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් විවාදයකුත් පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා.”

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved