Connect with us

පුවත්

මන්ත්‍රී ධූර දෙකක් හිස් වූ බව මැතිවරණ කොමිසටම දන්වයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දෙකක් පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.

ඒ,  මනූෂ නානායක්කාර සහ  හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙන්.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) සහ 64 (5) යන වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්ය.

සමගි ජන බලවේගය නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙන් පසුගිය 09 වැනිදා සිට දින නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති විය.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා යවා තිබේ.

පුවත්

නීතිවිරෝධීව ගෙන්වන ලද මෝටර් රථයක් රේගු භාරයට

Published

on

By

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

එම ඒකකය පැවසුවේ රුපියල් මිලියන 24ක පමණ වටිනාකමින් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ නවීන මෝටර් රථයක් මෙලෙස ගෙන්වා ඇති බවය.

ජපානයේ සිට ගෙන්වන ලද බහාලුමක් තුළ තිබියදි මෙම මෝටර් රථය සොයාගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්වන ලද වාහන අමතර කොටස් 200ක්ද රේගුව අද (06) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.

Continue Reading

පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලොහාන් යළිත් අත්අඩංගුවට

Published

on

By

ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved