Connect with us

පුවත්

මන්නා රොෂාන්ගේ සොයුරාත් වෙඩි කයි ‍

Published

on

හංවැල්ල නිරිපොළදී එල්ල කළ වෙඩි තැබීමකින් මන්නා රොෂාන්ගේ බාල සහෝදරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෙඩි තැබීම ඊයේ (04) උදෑසන 11.45 ට පමණ සිදුව ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේම පදිංචි කේ.ඒ.ඩී. මධුරංග නමැති එක්දරු පියෙකි. 

වෙඩි ප්‍රහාරයට ලක්වූ තවත් පුද්ගලයකු අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුළත් කර ඇතැයි හංවැල්ල පොලිසිය සඳහන් කරයි.

මරණකරු පස් හා වැලි ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයකු වන අතර ඔහු ඊයේ හංවැල්ල, නිරිපොළ වැලි සෝදන ස්ථානයට ගොස් කැබ් රථයෙන් පැමිණෙමින් සිටියෙදී තවත් කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා තිබුණි. 

මෙම ඝාතනය සම්බන්ධ පරීක්ෂණ හංවැල්ල පොලිසිය විසින් ආරම්භ කළ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ පූගොඩ කඳවුරේ නිලධාරීහුද පැමිණ විමර්ශන සිදු කර ඇත.

සැකකරුවන් ටී.56 ගිනි අවියකින් වෙඩි තබා තිබෙන බවද අනාවරණය විය.

මරණකරු කැබ් රථයෙන් හංවැල්ල දෙසට පැමිණෙමින් සිටියෙදී කැලෑබද මාර්ගයක සිට වෙඩික්කරුවන් පැමිණ තිබෙන බවත් වෙඩි වැදීමෙන් පසුව කැබ් රථය ඉදිරියට ධාවනය කළත් නැවතත් වෙඩි තැබීමක් සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ තැනැත්තාද හංවැල්ල ප්‍රදේශයේ මැර බලයක් නතුකරගත් අයකු බවත් මන්නා රොෂාන්ට ප්‍රතිවාදී කල්ලියක් විසින් මෙම ඝාතනයද සිදුකරන්නට ඇතැයි සැකකරන බවත් හංවැල්ල පොලිසියේ ප්‍රකාශකයකු සඳහන් කළේය. 

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන අතර ආරක්ෂිත කැමරා දර්ශන හා දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ සැකකරුවන් සොයා පුළුල් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත..

අවිස්සාවේල්ල හංවැල්ල ඇතුළු ප්‍රදේශවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වූ මන්නා රොෂාන්ද මේ ආකාරයෙන්ම තවත් පුද්ගලයකු කැබ් රථයකින් ගමන් කරමින් සිටියෙදී වෙඩි තබා ඝාතනයට ලක්වූයේ පසුගිය දෙසැම්බර් 26 වැනිදාය. 

ඒ පාදුක්ක වෙන්දේසිවත්ත ප්‍රදේශයේදීය.

දැඩිව හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටි මන්නා රොෂාන් ඩුබායි හි සැඟව සිටින ලලිත් කන්නන්ගර නමැත්තාගේ සම්බන්ධීකරණයෙන් හෙරොයින් මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී එලෙස ඝාතනයට ලක්වූ අතර එය ලලිත් නමැත්තා එතෙර සිට සැලසුම් කර මෙහෙයවූ ඝාතනයක් බවටද අනාවරණය වී තිබුණි.

සබැඳි පුවත්
මන්නා රොෂාන් හා තැඹිලි නිමේෂ් වෙඩි කා මරුට

මන්නා රමේෂ්ගේ කල්ලියේ 4 ක් අල්ලයි – සැකකරුවන් අතර හිටපු මාධ්‍යවේදියකුත්

පුවත්

විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

Published

on

By

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත.

ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.

සබැඳි පුවත් :

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Continue Reading

පුවත්

ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු අත්අඩංගුවට

Published

on

By

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. 

මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් විය.

Continue Reading

පුවත්

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්

Published

on

By

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කරඇත.

බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන්ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු අවවාද කර තිබේ.

එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී ඇත.

මේ වනවිට එම තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවය.

ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved