Connect with us

පුවත්

මනාප අංක නිකුත් කරන දිනය ?

Published

on

මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ මනාප අංක සකස් කිරීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී අද (12) සිට ආරම්භ වේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ මේ සඳහා දින කිහිපයක් ගතවනු ඇති අතර ලබන සතිය මුල වන විට අපේක්‍ෂකයන්ට අංක නිකුත් කරන බවය.

සියලු අපේක්‍ෂක ලැයිස්තුවල නම් අකාරාදී පිළිවෙළට සකස් කර අංක දීම මෙහිදී  සිදු කරනු ලබයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ (11) මධ්‍යහ්න 12 න් අවසන් විය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ දිස්ත්‍රික්ක 22 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690 ක් මහ මැතිවරණයට තරග කිරීමට නියමිත බවය.

එමෙන්ම නාම යෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

2024 එයාර් ෂෝ චයිනා ඇර‍ඹේ

Published

on

By

2024 එයාර් ෂෝ චයිනා හෙවත් 15වැනි චීන ජාත්‍යන්තර ගුවන් සේවා හා අභ්‍යවකාශ ප්‍රදර්ශනය අද (නොවැම්බර් 12) දකුණු චීනයේ ග්වංඩොං පළාතේ ජූහායි නගරයේදී ආරම්භ විය.

රටවල් හා කලාප 47ක සමාගම් 1,022ක් එක්ව සිටින මෙවර ප්‍රදර්ශනයේදී, නවීන තාක්ෂණික නිෂ්පාදන රැසක් මහජනයා හමුවේ එළිදැක්වීමට නියමිතය.

නොවැම්බර් 17 වැනිදා දක්වා පැවත්වෙන මෙම ප්‍රදර්ශනයේ සෑම දිනකම හමුදා ජෙට් යානා ඇතුළු ගුවන් කරණම් කණ්ඩායම් විසින් සංදර්ශනද පැවැත්වීමට නියමිතය.

මේ අතර, චීනයේ චංග හය චන්ද්‍ර ගවේෂණ යානය මගින් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත කොටසේ සාම්පල හා එම යානයේ “ආපසු පැමිණීමේ කැප්සියුලය” ඇතුළු ප්‍රදර්ශන භාණ්ඩ රැසක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

Continue Reading

පුවත්

දෙසැ 30ට පෙර ගිනිඅවි භාරදෙන්නැයි දේශපාලඥයින්ට, ඉහළ නිලධාරීන්ට කියයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින් හා දේශපාලන සංවිධානවලට මෙන්ම, රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන් වෙත විවිධ කාලවකවානුවලදී නිකුත්කල ගිණිඅවි නැවත භාරදෙන ලෙස දැනුම් දීම

පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රී වරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම, විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද්ධ හමුදාවෙන් නිකුත්කර තිබු පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව නිරීක්‍ෂණය වී ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

එබැවින්, මෙම ගිණිඅවි 2024 දෙසැම්බර් මස 30 වන දිනට පෙර ලඟම තිබෙන පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන මෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය අදාල පුද්ගලයින් වෙත එම අමාත්‍යංශය දැනුම් දෙයි. 

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක මෙසේ ද දැක්වේ :

“තවද, මෙම නිකුත්කර ඇති ගිණිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ශ්‍රී ලංකා පොලිසිය සතු වන අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් එම නාම ලේඛණයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිණිඅවි පොලිසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇත. එබැවින්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, තවද දැනටමත් එම ලේඛණයේ නම් සඳහන් පුද්ගලයින් ගිණිඅවි රජයට භාරදී ඇත්නම් ඒ බවද, සනාථ කරන ලේඛණ පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටිනු ලැබේ.”

Continue Reading

පුවත්

21දා නව පාර්ලිමේන්තුව කැඳවමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

Published

on

By

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2024 නොවැම්බර් 21දා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved