Connect with us

පුවත්

මනූෂගේ කාලේ හිතවතුන්ට ටෙන්ඩර් බෙදල තියෙන හැටි කෝසල කියයි

Published

on

ඉකුත් මාසයකට ආසන්න කාලයක් තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් 500 දෙනකුගේ ගුවන් ටිකට්පත්වලින් රුපියල් කෝටි හතර හාමාරක පමණ මුදලක් වැඩිපුර අයකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා කියයි.

ඔහු පෙන්වා දෙන්නේ එක ටිකට් පතකින් රුපියල් හැත්තෑ පන්දහසත් රුපියල් අනුදහසත් අතර වැඩිපුර මුදලක් අයකර ඇති බව හෙළිව ඇති බවයි.

ඊයේ (21) විශේෂ ප්‍රකාශයක් කරමින් මේ සම්බන්ධයෙන් කියා සිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගුවන් ටිකට්පත් මිලදී ගැනීම ටෙන්ඩර් ක්‍රමවේදයට සිදුකර ඇතත් ඒවා යම් තෝරාගත් කණ්ඩායමක් ඉලක්ක කරගෙන ඔවුන්ට පක්ෂපාතී අයුරින් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදුකර ඇති බවයි.

මේ ටෙන්ඩර් ලබාදෙන කාලයේ කම්කරු හා විදේශ රැකියා ඇමැතවරයා ලෙස කටයුතු කර ඇත්තේ මනූෂ නානායක්කාර මහතා.

වැඩිදුරටත් මෙසේද පැවසිය,

‘’ ඊශ්‍රායල් හා කොරියානු රටවල රැකියා සඳහා යොමුවන පුද්ගලයන්ගේ ගුවන් ටිකට්පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා ඒජන්සි ආයතන හරහා මිලදීගෙන රැකියා අපේක්ෂිතයන්ට ලබාදීමේ ක්‍රමවේදයක් තමයි මෙතෙක් කලක් පැවතුණේ. එහි මිල අධික බව සම්බන්ධයෙන් සභාපතිට කියන්න වැඩසටහන යටතේත් පුද්ගලිකව මටත් පැමිණිලි රැසක් ලැබුණා. පසුගිය කාලයේ ගුවන් ටිකට්පත් මිලදී ගැනීම ටෙන්ඩර් ක්‍රමවේදයට සිදුකරලා තිබුණේ. නමුත් එහි යම් යම් අඩුපාඩු තිබෙන බව මට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. යම් තෝරාගත් කණ්ඩායමක් ඉලක්ක කරගෙන ඔවුන්ට පක්ෂපාතී අයුරින් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදුකරලා තිබුණා.මාස්පතා ඒ තෝරාගත් අයගෙන් ගුවන් ටිකට්පත් මිලදී ගනිමින් මූල්‍ය අලාභයක් ටිකට්පත් මිලදී ගන්නාට සිදුකරලා තිබුණා. මේ සම්බන්ධව මම විදේශ රැකියා ඒජන්සි ආයතනයේ අලුතෙන් පත්වු සභාපතිවරයා සමග සාකච්ඡා කළාට පසු නවීන ක්‍රමවේදයන් අනුගමනය කරමින් ශ්‍රි ලංකන් එයාර්ලයින් ආයතනය මගින් ඍජුව ගුවන් ටිකට්පත් මිලදී අරගෙන ගුවන් ටිකට්පතක මිල විශාල වශයෙන් අඩු කරගන්න හැකි වුණා. ‘’

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත්

පුවත්

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Published

on

By

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Continue Reading

පුවත්

ඉන්ධන හිඟයක් නැහැ

Published

on

By

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වනවිට සහතික කර ඇති බවය.

“ජනතාවට කියන්න ඕනේ කිසිදු ගැටලුවක් නැතුව තව මාස දෙකකට අවශ්‍ය තෙල් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ ඇනවුම් සහතික වෙලා තියෙනවා. මේ රටේ කිසිම හේතුවක් නිසා තව මාස දෙකක් වෙනතුරු කිසිදු තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ගැටලුව තියෙන්නේ අපිට තෙල් ලැබෙන්නේ මොන මොන තැන්වලින් ද කියලා. එතකොට යුද්ධයේ බලපෑමක් තියෙනවාද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ.”

පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපි ළඟ තියෙන වාර්තා අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුද්ධය තියෙන කලාපයෙන් නෙමෙයි. එම තෙල් අපිට එන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාවේ සිකාවලින්. එකම එකක් තිබුණා ඕමාන්වලින් ආනයනය කළා. ඒකත් හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැම්මත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි එකේ සැපයුම්කරුවන්ට කතා කරලා ඒක සම්පූර්ණ තහවුරු කරන්න ඉන්නේ. ඩීසල් ගත්තා සම්පුර්ණ එහෙමයි යුදමය කලාපයෙන් නෙමෙයි අවසන් නිමැයුම් හැටියට අපිට ලැබෙන්නේ.”

Continue Reading

පුවත්

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට

Published

on

By

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය දක්වමින්ය.

වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන්  ලංගම බස් රථ යෙදීමට කටයුතු කර  තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved