Connect with us

පුවත්

මනූෂගේ හොර වීසා ගිවිසුම ගැන විජිත හෙළිකරයි

Published

on

කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් ඊ8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ (09) අනාවරණය කරම ලදී.

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එම ගිවිසුම අත්සන් කර ඇත්තේ කොරියාවේ වන්දෝ ප්‍රාන්තයේ නගරාධිපතිවරයා සමඟ වන අතර එම ගිවිසුම අත්සන් කිරීමට පෙර අදාළ ඇමැතිවරයා විසින් කියවීමක්වත් කර නැති බව ද ඇමැතිවරයා පැවසීය.

නීත්‍යනුකූල නොවන පරිදි අත්සන් කර ඇති මෙම නීති විරෝධී ගිවිසුම යටතේ තවදුරටත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් කොරියාවට යැවීමේ හැකියාවක් නැති බවත් ඊ8 වීසා ක්‍රමවේදය යටතේ තරුණ තරුණියන් විදෙස්ගත වී විපතට පත්වුවහොත් මැදිහත් වීමේ කිසිදු හැකියාවක් නැති බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ අදාළ ගිවිසුම පාකිස්තානය වෙනුවෙන් සකස් කර ඇති ගිවිසුමක් බවත් යම් හෙයකින් ශ්‍රමිකයකු විපතට පත්වුවහොත් ගෙවීම් කරන ස්ථානයේ නම් කර ඇත්තේ පාකිස්තානය ලෙස බවත්ය. පාකිස්තානය වෙනුවෙන් සකස් කර ඇති ගිවිසුමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ද යොදාගෙන ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

ඊ8 වීසා ක්‍රමවේදයට අදාළ නීති විරෝධී ගිවිසුම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොතිබූ අතර මනූෂ නානායක්කාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමාත්‍යාංශයේ එක්තරා ස්ථානයක තබා තිබූ ගිවිසුමක් සොයා ගැනීමට හැකිවූ බවත් හෙතෙම පැවසීය.

නීති විරෝධී වන මෙම ඊ8 වීසා ක්‍රමවේදය යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තවදුරටත් කොරියාවට යැවීම සිදු නොකරන අතර මේ යටතේ පීඩාවට පත්වූවන් වෙනුවෙන් අමාත්‍යාංශය ලෙස සහන වැඩපිළිවෙළක් සැකසීමට අපි අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved