Connect with us

පුවත්

මම ඉන්නකම් හෝමාගමට බාර් දාන්න දෙන්නෙ නැහැ

Published

on

හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ විරෝධතාවය මධ්‍යයේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ විවෘත කරන ලද නව තැබෑරුම් දෙක වසා දැමීමට කටයුතු කළ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (26) පනාගොඩ පැළෑදගොඩ ප්‍රදේශයේ දී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල ගණනාවක් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහලොස් දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන පාසල් කිහිපයක් තිබෙන බව පැවසු බන්දුල ගුණවර්ධන මහතා වාර්ෂික පොසොන් කලාපය සිදු කරනු ලබන අවුකන පිලිම අනුරුව ආසන්නයේ මෙලෙස තැබෑරුම් විවෘත කිරීමට හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් සිටිනාතාක් ඉඩ නොදෙන බව පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන මහතා,

”මම පහුගිය කාලේ පොසොන් කලාපයක් කරලා ලක්ෂ ගණනක් ජනතාව ආපු හෝමාගම පිටිපන ප්‍රදේශයේ මිහිඳු හාමුදුරුවෝ වැඩලා දුන්නා වගේ පොසොන් කලාපය ඉවර වෙනවාත් සමගම තැබෑරුම් දෙකක් ආරම්භ කරන්න කටයුතු කරල තිබුණා.ඒ සම්බන්ධයෙන් අපි පිටිපන හන්දියේ උද්ඝෝෂණයකුත් කලා. මම කිව්වා හෝමාගම එහෙම තැබෑරුම් බලපත්‍ර ලබාදෙනවා නම් ඒ ආණ්ඩුවේ ඇමතිකම් කරන්න මම සූදානම් නෑ කියලා. ඒ අනුව ආරම්භ කරන ලද තැබෑරුම් දෙක ඊයේ වන විට වසා දැමීමට කටයුතු කර තිබෙනවා”

පුවත්

මහනුවර – මහියංගනය මාර්ගය තාවකාලිකව වැසේ

Published

on

By

මහනුවර – මහියංගනය මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ගෙන තිබේ.

අද (20) පස්වරු 6:00 සිට එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කනුව අසල ගල් කඩාවැටීමේ අවධානමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Continue Reading

පුවත්

වැව් රැසක් වාන් දමයි

Published

on

By

මේ වන විට ඇද හැළෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ බොහොමයක් වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින පුරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 73න් 55ක් මේ වන විට වාන් දමමින් පවතින බවය.

මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 60කට අධික ප්‍රමාණයක්ද මේ වන විට වාන් දමමින් පවතියි.

ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික්කයන් හී පිහිටා ඇති සියලුම ජලාශ මේ වන විට වාන් දමමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ වැව් 9න් 8ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 7න් 4ක්, මඩකළපුව දිස්ත්‍රික්කයේ වැව් 4න් 3ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 10න් 4ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ වැව් 2න් 1ක්, මහනුවර දිස්ත්‍රික්කයේ වැව් 3න් 2ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 10න් 9ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 3න් 2ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 5න් 4ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ වැව් 4-2ක් ද වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ගල් ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබේ.

ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 600ක් පමණ ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

ගම්වාසීන් චෝදනා කරන්නේ, නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔ යයි ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදු වූ බවය.

Continue Reading

පුවත්

ගුවන් තොටුපොළ ධාවන පථයේ කුරුළු වෙඩි දැමූ නිලධාරීන් අනතුරක

Published

on

By

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය අසළ ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීමට ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබේ

එහිදී ඔවුන් විසින් එල්ල කළ අහස් කූරු අතර නොපිපිරුණ අහස් කූරක් යළිත් ඔවුන් ගමන් කළ කැබ්රථය මතට ඇද වැටී පිපිරී ගොස් අනතුරක් සිදුව ඇත.

එම පිපිරීමෙන් ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක් පියාඹණ බවට ලද තොරතුරක් මත නිලධාරීන් තිදෙනකු කැබ් රථයක් මගින් ගුවන් ධාවන පථය අසළට ගොස් , එම පක්ෂි රංචුව පළවා හැරීම සදහා කුරුල්ලන් පලවා හරින විශේෂ අහස් කූරු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එලෙස එල්ල කළ වෙඩි ප්‍රහාරය පුපුරා නොගොස් යළි ඔවුන් ගමන් ගත් කැබ් රථය මතට වැටී පුපුරා ගොස් ඇති බව වාර්තාවේ.

එලෙස පුපුරා යාමෙන් පසු කැබ් රථය තුළ තිබූ එවැනි වෙඩි කීපයක් පුපුරාගොස් හදිසි ගින්නක් ඇති වී තිබේ.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගින්න මැඩ පවත්වා ඇති බව වාර්තා වේ.

මෙම අනතුරින් කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ගමන් ගත් කැබ් රථයට ද හානි සිදුව තිබේ.

(ඡායා : Accident1st)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved