Connect with us

පුවත්

අයියා වෙනුවෙන් මල්ලි ඇමති දැමූ කැබිනට් පත්‍රිකාවට ජනපතිගෙන් බාල්දියක්

Published

on

තමන්ට ලබා දුන් ඉඩම් කොටස් ඒකාබද්ධ කරමින් නිවාස සංකීර්ණයක් ඉදිකර විකිණීමට අවසර දෙන ලෙසට ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ඇතුළු ක්‍රීඩකයන් අට දෙනකු කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ සියලු ක්ෂේත්‍රයන් පිළිබඳ දැඩි සැලකිල්ලකින් යුතුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

නේවාසික ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙන් කළ ඉඩම් කොටස් වාණිජ අරමුණක් වෙනුවෙන් යෙදවීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් ජනාධිපතිවරයා සිය නිරීක්ෂණවල සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර ඇත්තේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වෙනුවෙන් විශයභාර කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙනි.

ප්‍රසන්න රණතුංග මහතා, 1996 ජයග්‍රාහී ලෝක කුසලාන පිලේ නායක අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයෙකි.

කැබිනට් සන්දේශය ඉදිරිපත් කර ඇත්තේ එම ක්‍රීඩකයන් අට දෙනාට බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙන් වෙන වෙනම ලබා දුන් ඉඩම් කොටස් ඒකාබද්ධ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට අනුමැතිය ඉල්ලමිනි.

මෙම ක්‍රීඩකයන් අට දෙනා හෝ ඔවුන්ගේ නියෝජිතයෙක්, නාගරික සංවර්ධන අධිකාරිය සහ නිවාස සංකීර්ණය මිල දී ගන්නා සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද කැබිනට් අනුමැතිය ඉල්ලා තිබිණි.

මාස හයක් ඇතුළත සියලු අනුමැතීන් ලබා ගැනීමටත් වසර තුනක් ඇතුළත ඉදිකිරීම් අවසන් කිරීමටත් සැලසුම වී තිබේ.

කෙසේ වුවත් තෑගි ඔප්පු මගින් 1996 ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩකයන්ට එකම භූමි භාගයක ලබාදුන් මෙම ඉඩම් කට්ටි වෙනත් පාර්ශවයක් වෙත පැවරීම හෝ විකිණීම නීතිමය වශයෙන් අවහිර කර තිබේ.

1997 ජනවාරි 22 වැනිදා ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවක් මගින් 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 දෙනකුට 99 අවුරුදු බදු ක්‍රමය යටතේ බත්තරමුල්ල නගරයට ආසන්නයේ රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි හිස් භූමි භාගයකින් එක් අයෙකුට පර්චස් 20 බැගින් ලබාදීමට එවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ එවකට ක්‍රීඩා ඇමැතිධුරය දැරූ එස්.බී. දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගිනි. 

එහිදී පර්චසයක තක්සේරු වටිනාකම ලෙස තීරණය කර ඇත්තේ රුපියල් දහසකි.

කෙසේවුවද, එසේ ඉඩම් හිමිවූ 7දෙනෙකු මෙම නිවාස ව්‍යාපෘතියට ඉඩම් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

තමන්ට ලබා දුන් ඉඩම්වල නිවාස සංකීර්ණයක් ඉදි කර විකිණීමට ක්‍රීඩකයන් කර තිබෙන ඉල්ලීම නිසා එම ඉඩම් කොටස් ලබා දීමේ මූලික අරමුණ සම්පූර්ණයෙන්ම වෙනස්ව වාණිජ අරමුණක් වී තිබෙන බවත් ජනාධිපතිවරයා සිය නිරීක්ෂණවල තවදුරටත් සඳහන් කර ඇත.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved