Connect with us

පුවත්

මලිත්ගේ සායම සේදෙයි; ලිංගික අල්ලස් ඉල්ලුවයි රූප සුන්දරී කියයි

Published

on

මියන්මාරයේදී පසුගියදා පැවති මිසිස් ග්‍රෑන්ඩ් ඉන්ටර් නැෂනල් තරගයට [mrs grand international 2022] සහභාගී වීමට පෙර එම තරගයේ මෙරට සංවිධායකයාවන මලිත් රණසිංහ මහතා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගී වූ රසාංගි චාමිකා කරුණාරත්න මහත්මිය පැවසුවාය.

එමෙන්ම ඔහු සමග ”ගංජා” පානය කරන්නටද පැමිණෙන ලෙස මෙම පුද්ගලයා තමන්ට බල කළ බවද ඇය පවසා සිටියාය.

තමන් එම ඉල්ලීමට අකමැති වීම හේතුවෙන් මෙම තරගය නියෝජනය කිරීමට මියන්මාරයට යාමේ සිට එරටට ගොස් ඊට අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරගැනීමට අවශ්‍ය වන මුදල් ඔහු ලබා නොදුන් බව ඇය කියා සිටියාය.

මේ හේතුවෙන් අවසන් මහා තරගයේදී මෙරට නියෝජනය කරමින් කිසිදු තරග අවස්ථාවකට සහභාගී වීමට තමන්ට අවස්ථාව නොලැබුණු බවත් ලෝකයේ රටවල් විසි පහක් ඉදිරියේ ශ්‍රී ලාංකේය අභිමානය හෑල්ලුවට ලක්වීම පමණක් සිදු වූ බවත් ඇය පවසා සිටියාය.

තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (21) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී රසාංගි චාමිකා මෙලෙස පවසා සිටියාය.

ඇය වැඩිදුරටත් මෙසේද කීය.

“මෙම තරගයට සහභාගී වෙන්න කලින් මලිත් රණසිංහයි මමයි ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුමේ මියන්මාරයට යාමට ගුවන් ටිකට් පත් ලබාදීමත් එම රටේ නවාතැන් ගැනීමට හෝටල් පහසුකම් ලබාදීමත් ගමනාගමන පහසුකම් ලබාදීමත් ඇතුළු සියල්ලම ලබාදීමට එකඟත්වය පල කරල තිබුණා”

” මේ ගිවිසුම කඩ කරන්න මෙම පුද්ගලයා කටයුතු කර නිසා කිසිදු සහයෝගයක් නොමැතිව වෙනත් රටක මම අසරණ වුණා. තරගයට සහභාගී වීමට පෙර මලිත් රණසිංහ නම් පුද්ගලයා පැවසුවේ හෝටලයක රාත්‍රි සාදයක් සංවිධාන කරන නිසා එයට තනිවම සහභාගී විය යුතුයි කියලයි. නමුත් තනිවම පැමිණීමට නොහැකි බවත් යෙහෙළියක් සමග පැමිණීමට හැකි බවත් ඔහුට දන්වා සිටියා. එවිට ඔහු යෙහෙළියක් සමග පැමිණීමට අවසර නැති බවත් තමන් සමග රාත්‍රි කාලයේ කාලය ගත කිරීමට තනිවම පැමිණෙන ලෙසත් කිව්වා. දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේ ඔහු තරගයේ වැඩ කටයුතු සියල්ලම ඉදිරියේදී යාළුවා සමගම බලා ගන්න කියලා කිව්වා. කිසිදු සහයක් ඊට නොදක්වන බවත් ඔහු කිව්වා.” යැයි ඇය වැඩිදුරටත් කීවාය.

මෙම තරගයට සහභාගී වීමට ඇය මියන්මාරයට ගොස් ඇත්තේද ඇයගේ වියදමින් වන අතර හෝටල් ගාස්තුවේ සිට සියලුම වියදම් ඇයට දැරීමට සිදුව ඇත.

මියන්මාරයේදී ඇයට තරග සංවිධායකයන් පවසා ඇත්තේ ඇයට අවසන් මහා තරගයට සහභාගී වීමට නොහැකි බවය.

ශ්‍රී ලංකාවේ සංවිධායකවරයා මෙම තරගය වෙනුවෙන් කිසිදු මුදලක් තැන්පත් කර නොමැති බැවින් මෙයට සහභාගී වීමට අවස්ථාව ලබාදිය නොහැකි බව දන්වා ඇත.

නමුත් ඇයගේ සැමියාගේ මාර්ගයෙන් කෙසේ හෝ ඊට අවශ්‍ය මුදල් ගෙන්වාගෙන සංවිධායකවරුන්ට ලබාදුන්නද මෙම තරගයේ කිසිදු අවස්ථාවකට සහභාගී වන්නට ඇයට ඉඩ ලැබී නොමැත.

මෙම පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉතාමත් ඉක්මනින් කටයුතු කරන බව මෙම අවස්ථාවට සහභාගී වූ ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ පැවසූහ.

මේවන විට මිස් ටුවරසිම් වර්ල්ඩ් (Miss Tourism World) හි ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ද මලිත් රණසිංහ නැමැති මෙම පුද්ගලයාය.

සංචාරක රාජ්‍ය අමාත්‍යාංශය විසින් ලබන දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී මෙම තරගය පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එම අමාත්‍යංශය මේ සඳහා අති විශාල මුදලක් වැය කිරීමට ද සැලැසුම්කර තිබේ.

පුවත්

විශේෂ පාර්ලිමේන්තු දිනයක් පැවැත්වීමේ තීරණයක්

Published

on

By

ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30වනදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතව ඇත. 

මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහි දී තීරණය වී තිබේ.

Continue Reading

පුවත්

නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (20)  සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් භාර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්තී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වශයෙන් පත්වනු ඇති බවය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග සිට එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

දක්ෂිණ අධිවේගයේ Rest Area එක අවුරුදු 99කට බදු දීලා තියෙන්නේ රුපියල් 10,000 කට

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇතිබව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

“මේ අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා ….දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක Rest Area එකයි. එම Rest Area එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved