Connect with us

පුවත්

මහනුවර සැප වාහන හිමිකරු පොලිසිය මඟහරි

Published

on

රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීති විරෝධී ආකාරයෙන් තබා ගෙන සිටි බව පැවසෙන මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ (12) තහනම් නියෝගයක් නිකුත් කලේය.

නීති විරෝධී වාහන සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදී සැකකරුට දැනුම් දුන්නත් ඔහු පොලිසිය මඟහරින බවත් ඔහු විදේශ ගතවීමට හැකියාවක් ඇති බව පවසමින් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

විදේශ ගමන් වළකාලමින් මෙලෙස තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකු බව පැවසෙන දොන් ඉසුරු ප්‍රදීප් සද්ධාතිස්ස සේරම් නමැත්තකුටය.

මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිද්ධියට අදාළ විමර්ශන අධිකරණයට වාර්තා කරමින් පවසා සිටියේ මහනුවර අනිවත්ත වටරවුම් පාරේ නිවසක ගරාජයක් තුළ සැකකටයුතු වාහන දෙකක් ගාල් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කළ විමර්ශනයේදී පසුගිය ඔක්තෝබර් 20 වැනිදා කළ වැටලීමකදී නිවසේ ගරාජයේ සැක කටයුතු සඟවා තිබියදී බී.එම්.ඩබ්ලිව්. රේසිං වර්ගයේ නවීන මෝටර් රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් සොයා ගත් බවය.

අදාළ මෝටර් රථ රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය මෙරට එකලස් කරන ලද වාහනයක් බවටද මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයේ චැසි අංකය සූරා දමා ඇති බවටද රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කොට ඇතැයි දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අදාළ ජීප් රථය රජයට අයත් හෝ සොරකම් කළ එකක් බවට පොලිසිය සැකයක් මතුව ඇතැයිද දැනුම් දුන්නේය.

එම වාහන සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා ගණනාවකදී අදාළ සැකකරුට දැනුම් දුන්නද ඔහු පොලිසියට නොපැමිණ පොලිසිය මඟහැරීමට පටන්ගත් බවත් ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට අවස්ථා ගණනාවකදී පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ගියද ඔහු නිවසේ නොමැති බව නිවැසියන් ප්‍රකාශ කළ බව දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සැකකරු විදේශ ගතවීමට හැකියාවක් ඇති හෙයින් සැකකරුට විදේශගත වීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved