මහවැලි අධිකාරියේ 2020 සහ 2021 විගණකාධිපති වාර්තාවෙන් මතුවන කරුණු සම්බන්ධයෙන් සහ වත්මන් කාර්ය සාධනය කෝප් කමිටුව ඇගයීමට ලක් කරයි.
මහවැලි අධිකාරියේ සේවාවන් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති – මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම අධිකාරියේ යල් පැන ගිය ‘මෙහෙවර ප්‍රකාශනය සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.
‘පුරවැසියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම’ අධිකාරියේ දැක්මට අනුව මූලික අරමුණක් ලෙස සදහන්ව තිබුණද එය ඉටු නොවීම පිළිබඳව කමිටු සභාපතිවරයා කමිටුව ආරම්භයේදීම සිය අප්‍රසාදය පළ කළේය.
ඒ අනුව මහවැලි අධිකාරියේ ප්‍රතිපත්ති සහ භාවිතයන් පරීක්ෂා කර නවීන ලෝකය වඩා ගැළපෙන පරිදි මෙහෙවර සහ දැක්ම යළි සකස් කරන ලෙස ඔහු මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. එසේම අධිකාරිය විසින් ඉඩම් වෙන්කිරීමේ ක්‍රියාවලියේදී ඩිජිටල් යටිතල පහසුකම් භාවිතා නොකිරීම පිළිබඳව වැඩිදුරටත් විමසා සිටි අතර එය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් දෙන ලදී.
ඉඩම් පැවරීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන ලෙස කාරක සභාව අධිකාරියට නියෝග කළේය.
• දැනට පවතින ඉඩම් පැවරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ වාර්තාවක් සති 02ක් ඇතුළත ඉදිරිපත් කිරීම
• ආයෝජන අරමුණු සඳහා ඉදිරිපත් කරන ලද ඉඩම්වල ආයෝජකයාගේ විස්තර, ආයෝජනයේ අරමුණ, අනුගමනය කළ ක්‍රියා පිටිපාටිය යනාදිය ඇතුළත්ව සම්පූර්ණ වාර්තාවක් සති 02ක් ඇතුළත ඉදිරිපත් කිරීම
• අධිකාරියට අයත් ඉඩම් වපසරියන් තුළ සිදුවන අනවසර ඉදිකිරීම් පිළිබඳ වාර්තාවක් මාස 01ක් ඇතුළත ඉදිරිපත් කිරීම.
මහවැලි අධිකාරියේ 2022 වර්ෂයට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව සහ විගණකාධිපති කාර්යාලය විසින් නිරීක්ෂණය කළ දත්ත අතර නොගැලපීම හේතුවෙන් එම වසරට අදාළව නිකුත් කරන ලද සියලුම ඉඩම් පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ද මෙහිදී උපදෙස් දෙන ලදී. එ් එම ඉඩම් නිකුත් කිරීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා විසින්ද නියෝගයක් ලබා දී ඇති පසුබිමකය.
අධිකාරියේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය මෙහිදී පරීක්ෂාවට ලක් වූ අතර, දැනට සිටින අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට උසස්වීම් ලබාදීම සදහා පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ ප්‍රමාදයක් පවතින බව මෙහිදී නිරීක්ෂණය විය. ඒ අනුව එම පුරප්පාඩු ඉදිරි දින 60 තුළ වහාම පිරවීමට කටයුතු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නියෝග කළේය.