Connect with us

පුවත්

මහාචාර්ය කෑල්ල සරසවියෙදි විතරයි, විශ්ව විද්‍යාල කොමිසම කලින්ම කියලා

Published

on

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය සහ සහකාර මහාචාර්ය යන තනතුරු භාවිත කළ හැක්කේ ඔවුන් එම අධ්‍යාපන ආයතනයේ හෝ උසස් අධ්‍යාපන ආයතනයේ සේවය කරන කාලය තුළ පමණක් බව සඳහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග විසින් පසුගිය ජූලි මාසයේ චක්‍රලේඛයක් මගින් සියලු‍ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සරසවි මණ්ඩප ප්‍රධානීන් හා උසස් අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබේ.

කෝප් කමිටුව මගින් ලබා දී ඇති නිර්දේශ අනුව 2024-07-03 වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති 1120 වැනි හමුවේදී මෙම තීරණයට එළඹ ඇතැයි එහි සඳහන්ය. 

මහාචාර්යවරුන් තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කිසියම් විශ්වවිද්‍යාලයක් මගින් ප්‍රදානය කළහොත් පමණක් සම්මානිත මහාචාර්ය යනුවෙන් භාවිත කළ හැකිය.

එහෙයින් අලු‍තින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය සහ සහකාර මහාචාර්ය තනතුරු ලබාදීමේදී ඔවුන්ගේ පත්වීම් ලිපිවල ඉහත කී නව වගන්තිය ඇතුළත් කරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු‍ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සරසවි මණ්ඩප ප්‍රධානීන් හා උසස් අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබේ.

මූලාශ්‍රය – දේශය

පුවත්

තල් ලොක්කාගේ ‘ගින්න’ අතේ පත්තු වෙයි

Published

on

By

තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ ඇති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු  රැසක් යාපනයට ගෙන ගොස් පුළුස්සා දැමීමේ සූදානමක් වාර්තාවීමෙන් පසු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ  නිලධාරින් කණ්ඩායමක් වහාම එහි පැමිණ එම උත්සාහය වළක්වා ඇත.

පසුව එම ලියකියවිලි වගකිවයුතු නිලධාරියකු බාරයට පත්කර ඇතැයි එහි ආරංචි  මාර්ගවලින්  පැවසේ.

දූෂණ වංචා සම්බන්ධ මෙම ලිපි ගොනු විනාශ කිරීමට සූදානම් වී ඇතැයි පැවසෙන්නේ මෙම සභාපතිවරයා විසින්  එම මණ්ඩලයේ උසස් තනතුරකට මෑතකදී පත් කෙරුණු නිලධාරියක බව දැනගන්නට ඇත.එම නිලධාරිනියද විවිධ දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබූ තැනැත්තියක බව ආරංචි මාර්ග සඳහන් කළේය.

අමාත්‍යාංශයේ විගණන කළමනාකරණ කමිටුවේදී පසුගිය 8 වැනිදා ගත් තීරණයක් අනුව මෙම ලිපි ලේඛන පිටතට ගෙන යෑම  මෙසේ වළක්වා ඇත.

මේ අතර තල් සංවර්ධන මණ්ඩලයේ  මුල් පුටුවකට  මූලික අධ්‍යාපන සුදුසුකම් හෝ සපුරා නැති මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති පුද්ගලයකු පත්කර ඇතැයි එහි සේවකයෝ  වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට ලිපියක් යවමින් දැනුම් දෙති.

එසේම මෙම ප්‍රධානියා කෝටි හතරකට ආසන්න මූල්‍ය වංචාවලට සම්බන්ධ අමාත්‍යාංශ පරීක්ෂණවලින් පසු ඉවත් ඉවත් කෙරුණු නිලධාරීන් පිරිසක්  එම මණ්ඩලයට  පත් කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවටද  ඔවුහු චෝදනා කරති.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ජනපති චීනය බලා පිටත් වෙයි (Update)

Published

on

By

චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගියේය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක  අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහතා  යන  මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.


(පෙර පුවත: 2024 ජනවාරි 13, පෙ.ව.11:58)

සිව්දින සංචාරයක් සඳහා ජනපති අද චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා මෙම සංචාරයෙහි නිරත වේ.  මෙම සංචාරයේදී  ජනාධිපතිවරයා, චීන ජනපති ෂී ජින් පිං (Xi Jinping) මහතා, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක්  හමුවීමට නියමිතය.

එසේම, මෙම චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද  සැලසුම් කර තිබේ.

මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද කටයුතු යොදා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදු කරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වීම ද විශේෂත්වයකි.

එබැවින් මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, එමඟින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ද  බලාපොරොත්තු වේ.

Continue Reading

පුවත්

ගුරුවරුන්ට මහින්දගෙන් සුබ ආරංචියක්

Published

on

By

ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග රජය විසින් ගනිමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවය

“අපි පළමු අයවැය ලබන මාසයේ ඉදිරිපත් කරනවා ඒ අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩීමක් සිදුවෙනවා. ඒ පිළිබඳව සැකයක් තියාගන්න එපා. ඒ වගේම ගොඩක් අය අහනවා තුනෙන්දෙක ගැන, ගුරු වැටුප් විශමතාවය ගැන, ඒකට අවශ්‍ය මූලික සාකච්ඡා අපි දැන් සිදුකරමින් තිබෙනවා. මේ වැටුප් විශමතාවය විසඳන්න ඕනේ. ඒ වගේම ඉහළම වැටුප් තල 10 ඇතුළට ගුරු, විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු උපදේශක කියන සේවාන් 05 අන්තර්ගතයි. ඒ නිසා මේ සේවාන් 05 ගුණාත්මක භාවය වැඩිකරන්න ඕනේ කියන සාකච්ඡාව දැන් සිදුකරමින් තියෙනවා. ඒ ඔස්සේ මේ සේවාවන්වල ගුණාත්මක භාවය වැඩිකරන්න කොහොමද කටයුතු කරන්නේ ඒ අනුව කොහොමද වැටුප් තල වල පිහිටුවන්නේ කියන සාකච්ඡාව සිදුකරමින් තිබෙනවා.” 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved