Connect with us

පුවත්

මහා පරිමාන පිරමීඩ ගේම් ගැසූ චීන්නු 2ක් අල්ලයි

Published

on

ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් වන චීන ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට තුළ සිදුකළ පිරමීඩ ජාවාරමෙන් චීන ජාතිකයන් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචාකර ඇති බව පොලීසිය පවසයි.

රුපියල් ලක්ෂ 7ක මුදලකට කුලී පදනම මත බොරැල්ලේ නිවසක සිටි චීන ජාතිකයෙකු පසුගිය 19 වැනිදා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සිය නිවස පිරිසක් විසින් කොල්ලකෑ බව පවසමිනි.

පැමිණිල්ල මගින් ඔහු සඳහන් කර තිබුණේ කුලී පදනම මත ලබාගත් තම වෑන් රථය, ලැප්ටොප් පරිගණක 7ක් සහ රුපියල් ලක්ෂ 170ක මුදලක් එලෙස කොල්ල කල්ලිය විසින් කොල්ලකා පළාගොස් ඇති බවය.

එය අසල සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබුණි.

එම භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ වන බවත් ඔහු පවසා තිබේ.

ඒ අනුව, කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විමර්ශන සිදුකළ පොලීසිය විසින් දුරකතන දත්ත හා CCTV දර්ශන පරීක්ෂා කර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගනු ලැබීය.

ඉන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඒ අතර අදාළ චීන ජාතිකයාගේ රියදුරුද සිටින බවය.

ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ, චීන ජාතිකයා විසින් රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් තමන්ට ලබාදී කොල්ලයක් සිදුකරන අයුරින් රඟපෑමක් සිදුකළ බවය.

අනතුරුව චීන ජාතිකයා හා ඔහුගේ තවත් හිතවත් චීන ජාතිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සිදුකරන බව අඟවමින් මෙරට තුළ මහා පරිමාණයෙන් ඔවුන් දෙදෙනා පිරමීඩ ජාවාරම සිදුකර ඇති බවය.

එමගින් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචා කර ඇති බවත් පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

සැකකාර චීන ජාතිකයන් උපයාගත් මුදලින් රුපියල් කෝටි ගණනක් කැසිනෝ ක්‍රීඩා කිරීමට ගොස් පරාද වීම හේතුවෙන් එය වසා ගැනීම සඳහා මෙවැනි ව්‍යාජ කොල්ලයක් සිදුකළ බවත් ඔවුන් පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණි.

පසුව සැකකාර චීන ජාතිකයා පිරමීඩ ජාවාරම සිදුකළ කොළඹ කුරුඳුවත්තේ පිහිටි නිවස පොලීසිය විසින් පරීක්ෂා කළේය.

ඒවන විටත් එහි සිටි චීන ජාතිකයන් 15දෙනා ලැප්ටොප් පරිගණක 40ක් පමණ රැගෙන පළාගොස් තිබුණි.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම සැකකරුවන් කොල්ලකෑ බව පැවසූ වෑන් රථය ඇතුළු භාණ්ඩ තොගයද පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

සැකකරුවන් නීතිවිරෝධී අයුරින් මෙරටට ආනයනය කළ විදෙස් දුම්වැටි තොගයක් ද එහිදී පොලීසිය සිය භාරයට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

මූලාශ්‍රය – අද දෙරණ

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved