Connect with us

පුවත්

මහින්දානන්ද රනිල්ට සහය දෙන්නේ ඇයි

Published

on

2024 ජනාධිපතිවරණයට තරග කරන අපෙක්ෂකයන්ගෙන් රට ගොඩගෙන මේ රටේ ජනතාවගෙත් ආර්ථිකය ගොඩ දැමිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය උදෙසා  නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විමක් අමතමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පවසා තිබුණි.

තවද රටේ ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවක එම අභියෝගයට මුහුණ දීමට කිසිදු අයෙකු ඉදිරිපත් නොවූ අවස්ථාවක එම අභියෝගය භාරගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු සඳහන් කලේය.

මෙහිදී අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ රටේ ආර්ථිකය ඉහළ දමමින් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර පහ සඳහාත් ජනාධිපතිවරයා වශයෙන් පත්වුණොත් රට සහ සියළුම ජනතාව ගොඩයන බවය.

එමෙන්ම තමන් රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට එතුමා සමඟ එක්වුවද තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවන බවත්, රට ගැන සිතා ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ බවත්, මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පුවත්

COVID – 19 ගැන අනියත බියක් ඇතිකර නොගන්න

Published

on

By

දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පසුගිය සති කිහිපයේ දී ආසියානු රටවල් කිහිපයක COVID – 19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත්, මෙම තත්ත්වයට  ප්‍රජාව තුළ රෝගයට මුහුණ දීමේ ඇති හැකියාව අඩුවීම ඇතුළු සාධක කිහිපයක් හේතු විය හැකි බවත්, මෙය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ත්‍රීව්‍ර කර ඇති බවත්, අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

ලේකම්වරයාගේ නිවේදනයට අනුව COVID – 19 සඳහා සායනික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රට පුරා තෝරාගත් රෝහල් වල අඛණ්ඩ ව සිදුවෙමින් පවතී. එමෙන්ම ආවේක්ෂණයට අනුව දැනට. COVID 19 රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් නොකරයි. තවද ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක වන බව ද නිවේදනයේ දක්වා ඇත.

කලින් කලට අනෙකුත් ශ්වසන රෝග (උදා: ඉන්ෆ්ලුවෙන්සා) මෙන්ම, COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් ඇතිවිය හැකි බව ද, දැනට සාමාන්‍ය ජනතාවට ඇති අවදානම අඩු මට්ටමක පවතන බව ද කෙසේ වෙතත්, වැඩිහිටියන්, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින් වැනි වැඩි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයකින් සිටීම වැදගත් බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

නිතර අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යන විට නාසය සහ මුඛ ආවරණය කිරීම ඇතුළු මූලික සනීපාරක්ෂක පිළිවෙත් සහ ශ්වසන ආචාර විධි නිරන්තරයෙන් පවත්වා ගත යුතු බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කර ගනිමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවැරදි සහ කාලීන තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා මනා සුදානමකින් පසුවන අතර, ඇති විය හැකි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රෝහල් පද්ධතිය ද සූදානම් කර ඇත.

COVID-19 තත්ත්වයේ කාලයත් සමග සිදුවන වෙනස්කම් පිළබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙචන් සිටින අතර, ඔවුන් නිල වශයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ද  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

Continue Reading

පුවත්

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට

Published

on

By

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

උහන පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන් වහන්සේ එම පොලිස් ස්ථානය තුළ එලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

නිවෙස්වල සුනඛයන් හදන අයට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

නිවෙස්වල සතුන් ඇතිකරන විට නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසත්, සුනඛයන් වැනි සතුන්ගෙන් මහජනතාව අනාරක්ෂිත තත්ත්වයට පත් නොකරන ලෙසත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ ඊයේ (22 වැනිදා) නියෝග කළාය.

කොටහේන, ශ්‍රී සුමිත්‍රරාම මාවතේ නිවසක ඇති කරන ලද සුනඛයකු විසින් පුද්ගලයකුගේ මුහුණක් සපා කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ තරුණියකට තරයේ අවවාද කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.

කොටහේන පොලිසිය වෙත ලද පැමිණිල්ලක් මත අධිකරණය හමුවේ පෙනී සිටි ඩැඩල්ලගේ අචලා මනෝරි නමැති සැකකාරිය රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොටහේන පොලිසියේ සැරයන් (12104) කැලුම් ප්‍රියන්ත කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ පැමිණිලිකාරියගේ සුරතලයට ඇති කරන සුනඛයා පැමිණිලිකාරියගේ යාබද නිවසේ පදිංචි සැකකාරියගේ සුනඛයා විසින් සපා කා ඇති බවයි.

එම අවස්ථාවේදී පැමිණිලිකාරියගේ සුනඛයා බේරා ගැනීමට ඇයගේ පියා පැමිණ ඇති බවත්, ඒ අවස්ථාවේදී සැකකාරියට අයත් තවත් සුනඛයකු වන රොට් වයලට් වර්ගයේ සුනඛයා පැමිණ පියා වන සුදේශ් සිල්වාගේ මුහුණ සපා කා ඉන් අනතුරුව පැමිණිලිකාරියගේ සුනඛයාද සපා ඇතැයි පොලිස් සැරයන් කැලුම් ප්‍රියන්ත අධිකරණය වෙත දන්වා සිටියේය.

අදාළ සුනඛයාගේ පහරකෑමට ලක් වූ පැමිණිලිකාරියගේ පියා ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගෙන ඇතැයි දන්වා සිටි පොලිස් සැරයන් කැලුම් ප්‍රියන්ත, සැකකාරියගේ සුනඛයා සපා කෑමෙන් පැමිණිලිකාරියගේ සුනඛයා මියගිය බව වාර්තාවන බවද අධිකරණයට දන්වා සිටියේය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved