Connect with us

පුවත්

මහේස්ත්‍රාත් බැල්කනියේ සිරකර මෝටර් රථය කොල්ලකාලා! (CCTV)

Published

on

නිවෙසක් කුළියට ගැනීමට එන බව හඟවා මහේස්ත්‍රාත්වරයකු නිවසේ ඉහළ මාලයේ බැල්කනියේ සිරකර ඔහුගේ සුඛෝපභෝගී  මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධියක් පිළියන්දල පොලිසියෙන් වාර්තා වේ.

එම මහේස්ත්‍රාත්වරයාට අයත් පිළියන්දල මඩපාත පින්නවල ප්‍රදේශයේ නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසේදී මෙම සිද්ධිය වී ඇතැයි පැවසේ.

දෙමහල් නිවස විකුණන බවට ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කර තිබූ දැන්වීමක් අනුව ගැනුම්කරුවකු සේ පැමිණි පුද්ගලයකු මෙම කොල්ලය සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම දැන්වීමේ පළකර තිබූ දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තිබු කොල්ලකරු නිවස බැලීම සඳහා පැමිණෙන බවට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නිවස පෙන්වීම සඳහා මෝටර් රථයෙන් තනිව පැමිණ තිබූ බව පොලිසිය කියයි.

මෝටර් රථය නිවස ඉදිරිපිට නවතා මහේස්ත්‍රාත්වරයා දෙමහල් නිවසේ පහත මාලයේ ප්‍රධාන දොර විවෘත කර නිවසේ සෑම කොටසක්ම ඔහුට පෙන්වා ඇති අතර ඒ අතරතුර දී මහේස්ත්‍රාත්වරයා මෝටර් රථයේ යතුර නිවසේ පහත මාලයේ මුළුතැන්ගෙයි පැන්ටිය මත තබා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පසුව එම පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා සමඟ උඩුමහලට ගොස් එයද නරඹා මහේස්ත්‍රාත්වරයා උඩුමහලේ බැල්කනිය පෙන්වීම සඳහා එහි දොර විවෘත කර බැල්කනියට පිවිසීමත් සමගම කොල්ලකරු එම දොර වසා පහත මාලයට දිව ගොස් මුළුතැන් ගෙයි පැන්ටිය මත තිබූ මෝටර් රථයේ යතුර ගෙන එය පණ ගන්වාගෙන ඊයක වේගයෙන් පලා ගොස් තිබේ.

අනතුරුව මහේස්ත්‍රාත්වරයා බැල්කනියෙන් පිටතට පැන පහත මහලට ප්‍රවිෂ්ට වී සිදුවූ සිද්ධිය ඥාතීන්ට දැනුම් දී අනතුරුව පොලිසිය වෙත සිද්ධිය දුරකතනයෙන් දැනුම් දී ඇත.

එම සිද්ධිය සමගම පිලියන්දල පොලිසිය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම නිවස වෙත පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ.

මූලාශ්‍රය – ලංකාදීප
වීඩියෝ අනුග්‍රහය – අද දෙරණ

පුවත්

දවස් 03ට ලක්ෂ 03කට කරන්ට් එක ගිහින්

Published

on

By

පසුගිය  දින 03තුළ විදුලිය බිඳවැටීම් 36,000කට  කට  අධික ප්‍රමාණයක් සිදුව තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය නිල X ගිණුමේ  සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එමගින් පාරිභෝගිකයන් ලක්ෂ 3කට වැඩි පිරිසකට විදුලිය ඇනහිට ඇති බවය.

මෙම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් මේ වන විටත් අමතර සේවා පිරිස් යොදවා ඇති අතර විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය සහ සේවා නිලධාරීන් පැය 24 පුරා එම කටයුතු වල නිරත වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විදුලි බිඳ වැටීම් පිළිබඳව දැන්වත් කිරිමට ඇති 1987 අංකයට සම්බන්ද වීමට නොහැකි පාරිභෝගිකයන්ට SMS සේවය මගින් 1987ට ඹ්ඪ් සමග විදුලි පාරිභෝගික අංකය මගින් බිඳ වැටීම් දැනුවත් කිරීමටත් CEඹ් Cඅරෙ යෙදුම මගින් හෝ cඑබ්cඅරෙ.cඑබ්.ල්ක් වෙබ් පිටුටව පිවිස දැනුවත් කල හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

වෙසක් කලාප නිසා අවහිර විය හැකි මාර්ග ගැන දැනුම්දෙයි

Published

on

By

වෙසක් කලාපයක් හේතුවෙන් අවහිර විය හැකි ප්‍රධාන මාර්ගයක් පිළිබඳව පොලීසියෙන් රියදුරන්ට දැනුම්දීමක් සිදුකරයි.

ඒ, කටුනායක නිට්ටඹුව ප්‍රධාන මාර්ගය වේයන්ගොඩ ප්‍රදේශයෙන්.

වේයන්ගොඩ පොලිස් වසමේ වෙසක් කලාප 04ක් සහ වෙසක් තොරණ 07ක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

පොලීසිය දැනුම්දෙන්නේ අද (23) සිට දින 07ක් එම වෙසක් කලාපය පැවැත්වෙන බවයි.

අදාල නිවේදනය පහතින් දැක්වේ.

Continue Reading

පුවත්

වෙසක් උත්සවයට සමගාමීව වෙසක් කලාප රැසක්

Published

on

By

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බවයි වාර්තා වේ.

සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත.

වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

වෙසක් කලාප ආශ්‍රිතව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved