Connect with us

පුවත්

මහ ඡන්දෙට පාට කරන ඇඟිල්ල වෙනස් වෙයි

Published

on

2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා පවසයි.

අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැහැදිලි කලේය.

ඒ සම්බන්ධයෙන් සමන් රත්නායක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් :

“පසුගිය ජනාධිපතිවරණයේ දී අපි වම්අතේ සුලැඟිල්ල වර්ණ ගන්වනු ලැබුවා. බොහෝදෙනෙකුගේ ඒ සලකුණු කළ ආකාරය ඒ අයුරින්ම තිබෙනවා. ඒ නිසා මෙවර මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා වම් අතේ දබරැඟිල්ල සලකුණු කිරීම සඳහා භාවිතා කරන්න.”

එමෙන්ම නොවැම්බර් 14 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

තව දින 3කින් පැවැත්වෙන මහ මැතිවරණයේදී මෙරට දස වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගැනීම සඳහා ඡන්දදායකයින් 17,140,354 දෙනෙකු ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටී.

එමෙන්ම මෙවර මැතිවරණයේ නිරීක්ෂණ ක්‍රියාවලිය වෙනුවෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයින් පිරිසක් ද මේවන විටත් දිවයිනට පැමිණ සිටිති.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved