මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් අනෙක් රැඳවියා ද අද (03) අළුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු දික්කසාද නඩුවක නඩත්තු නොගෙවීම හේතුවෙන් මාස 05 බැගින් මාස 10ක සිරදඩුවම් නියම වී සිරගතව සිටි අයෙක් බව වාර්තා වේ.
එමෙන්ම මොහුට විරුද්ධව විසඳීමට තවත් නඩු 06ක් පවතින බවත් සඳහන්ය.
ඒ අනුව බෝ අත්ත කඩා වැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් මියගිය ගණන 2ක් දක්වා ඉහළ ගොස් තිබේ.
(පෙර පුවත 2025 ජනවාරි 03 පෙ.ව 09:17)
මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්
ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම හදිසි තත්ත්වය හේතුවෙන් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද්ධ හමුදාව බන්ධනාගාර පිටත ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති බවය.
ගසක අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් ඊයේ (01) රාත්‍රියේ මිය ගියේය.
මාතර මහ රෝහල සඳහන් කළේ, තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවය.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ.
ඊයේ(01) රාත්‍රී 10.30ට පමණ රැඳවියන් රදවා සිටින ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් සිටි බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කලහ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාතර මිදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාව මත මාස 02ක සිරදඬුවම් නියමව සිටි සිරකරුවෙකි.
සබැඳි පුවත්