Connect with us

පුවත්

මාතර වෙඩි තැබීම; “මාව ඉලක්ක කරන් මේ වැඩේ කළේ පොලිසිය”

Published

on

මාතර – තෙලිජ්ජවිල – මාලිම්බඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ ඉලක්කය වූයේ තමා මිස තම යහලුවා නොවන බවත්, වෙඩික්කරුවන් මෙහෙයවීම පසුපස සිටින්නේ පොලිිසිය යැයි තමන් විශ්වාස කරන බවට දුරකථන අලෙවි සැලැක හිමිකරුවෙක් කියා සිටී.

තමා නොකළ වරදකට අත්අඩංගුවට ගත් මාතර හා මාලිම්බඩ පොලීසිය, දින 06ක් පුරා තමාව රඳවාගෙන පහර දුන් බවත් තමා එක්තැන් කළ එම පහර දීමට එරෙහිව ‌ශ්‍රේෂ්ඨාධීකරණ‌යේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවත් ‌එම තරුණයා මාධ්‍යට පවසා ඇත.

එම පෙත්සම ගොනු කළ දා සිට එය අයින් කර ගන්නා ලෙස තර්ජනය කරමින් පොලිසියෙන් තමන්ට ජීවිත තර්ජන පවා එල්ල වූ බවද ඔහු කියා සිටී.

මෙම ජංගම දුරකථන අලෙවිසලේ හිමිකාර තරුණයා 2020 වර්ෂයේදී  ප්‍රදේශයේ මත්පැන් අලෙවිසලකින් රුපියල් ලක්ෂ 21ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් මීට පෙර අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බව පොලීසිය විසින් ප්‍රකාශ කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණයා වැඩිදුරටත් මෙසේ ද මාධ්‍යට පවසා තිබේ.

 “සිද්ධිය වුනාට පස්සේ මෙතන මගේ කඩේ ඇතුළේ පොලිස් නිලධාරීන් කීපදෙනෙක් හිටියා. ඒ නිලධාරියෙක්ගෙ දුරකථනයකට මාලිම්බඩ පොලිසියෙ දැනට ඉන්න ඕඅයිසී අලවත්ත මහත්තයාගෙන් කෝල් එක්ක ඇවිත් මම කතා කළා. මම කිව්වා මම ඉලක්ක කරගෙන මේක කරන්න ඇත්තේ කියලා. “ඊට පස්සේ ඕඅයිසී මහත්තයා කිව්ව මතකද පොඩි ප්‍රශ්නයක් වුනා නේද ගුරා කියලා කෙනෙක්. එයා තමයි මේ වැඩේ කළේ කියලා කිව්වා.” “ මම කියන්නේ මම ඉලක්ක කරලා තමයි මේ වෙඩි තැබීම කළේ කියලා. මොකද 2020 දි මට පොලිසියෙන් පහරදිමක් කළා නොකළ වරදකට මාලිම්බඩ පොලිසියෙන් මාතර පොලිසියට අරන් ගිහින් ඒ පහරදිම කළේ. දවස් 06ක් තියාගත්තා. අත පය කඩලා මම එක තැනයි හිටියේ. ඒකට මම නඩුවක් දැම්මා. ඒ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දාපු වෙලාවෙ ඉඳන් මට තර්ජන තිබුණා ගොඩාක්. මට පැමිණිල්ල අයින් කරගන්න කියලා තමයි කිව්වේ.” “මම කියන්නේ පොලිසිය පැත්තෙන් මේ වෙඩි තිබ්බා කියලායි. මොකද මට කීප වතාවක්ම කිව්වා උඹට ඉන්න දෙන්නේ නෑ. බලමු පොලිසිය එක්ක හැප්පිලා කියලා.මොකක්ද වෙන්නෙ උඹට ඉස්සරහට බලාගනින්… එහෙම කිව්වා. මගේ යාලුවට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ මම දන්න තරමින්. ඒ නිසා මම ඉලක්ක කරලා තිබ්බ වෙඩි තැබීමක් කියලා තමයි කියන්න වෙන්නේ. “

කෙසේවෙතත් අදාළ ජංගම දුරකථන අලෙවිසැලේ හිමිකරුට පොලිසිය මේ වන විට ආරක්ෂාව ලබා දී තිබෙන බව වාර්තා වේ.

සබැඳි පුවත් :
https://sinhala.srilankamirror.com/news/%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%a2%e0%b7%8a%e0%b6%a2%e0%b7%80%e0%b7%92%e0%b6%bd-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%a9%e0%b7%92/

පුවත්

දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා අදත් උසාවියට

Published

on

By

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අයට විරුද්ධව මාතර මහාධිකරණයේ විභාග වන නඩුවට පෙනි සිටිම සඳහා රැදවුම් නියෝග මත රඳවා සිටින ඔහු අද (23) දිනයේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණ සංකීරණයට රැගෙන ආවේය.

2018 වර්ෂයේදි වැලිගම පොලිස් වසමේ දී මනුෂ ඝාතනයක් සිදුකිරීමට තැත්කිරිමේ චෝදනාව මත මෙම නඩුව මාතර මහාධිකරණයේ විභාග වන අතර, මාතර මහාධිකරණ විනිසුරු එම්.ආර්.අමරසිංහ මහතා ඉදිරියේදී නඩුව විභාගයට ගන්නා ලදී.

සාක්ෂි විමසීමෙන් අනතුරුව ජූනි මස 02 වන දින දක්වා කල්තැබීය.

Continue Reading

පුවත්

පොලීසියේ ලොකු පුටු රැසක තැන් මාරු

Published

on

By

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 12 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙකුට මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී ඇති බවය.

අදාළ නිවේදනය පහතින්.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුවේ නීති අංශයක් පිහිටුවීමට අනුමැතිය

Published

on

By

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් සහ කාර්ය මණ්ඩලයට අදාළව නඩු කටයුතු සහ නීති උපදෙස් ලබා දීමේ සැලකියයුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් සැලසීමේ අරමුණින් පාර්ලිමේන්තුව සඳහා නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබේ.

මෙම තීරණ ගනු ලැබුවේ උක්ත කාරක සභාව පසුගිය දා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධනත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

එමෙන්ම, පාර්ලිමේන්තුව තුළ දැනට ක්‍රියාත්මක වන සංඥා භාෂා පරිවර්තන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමටද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව ආබාධ සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ප්‍රාග්ධන ආයෝජන අරමුදලේ (Commonwealth Parliamentarians with Disabilities (CPwD) Capital Investment Fund) අනුග්‍රාහකත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 05 සහ 06 සඳහා සංඥා භාෂා පරිවර්තන පහසුකම් ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වැහිපීලි ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රධාන තඹ ද්වාරයේ ක්‍රියාකාරී යාන්ත්‍රණය නිවැරදි කිරීම, සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම, පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම, ගිනි අනාවරක පද්ධතියක් (Fire Detection System)ස්ථාපනය කිරීම ආදී කටයතු ප්‍රමුඛතා කාර්යයන් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ සහය ඇතිව සිදුකිරීමටද කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

ඊට අමතරව, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ වැඩිදියුණු කිරිම් කටයුතු සඳහාද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ අනුව, 2025 අයවැය ප්‍රතිපාදන සහ නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම කටයුතු සිදු කිරීමට නියමිතය.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල සැපයුම් පද්ධතියක් කථානායක නිල නිවසේ ස්ථාපිත කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගයෙන් මෙම කටයුතු සිදු කිරීමට යෝජිත අතර පාර්ලිමේන්තු සැපයුම් සහ සේවා කාර්යාංශය මගින් නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ සූර්ය බල පද්ධති දෙකක් ස්ථාපනය කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved