Connect with us

පුවත්

මාධ්‍යට ලෙඩක් ඇද්ද පොහොට්ටුවේ ගුණතිලකව රජයේ රෝහලකටවත් දාන්න බැරිවෙලා

Published

on

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොහොට්ටු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර විරෝධය පළ කිරීමත් සමග එය ආරම්භක අවස්ථාවේදීම උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වේ. 

පෙරේදා (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම කමිටු රැස්වීම පැවති අතර එහිදී මාධ්‍යවේදීන් සම්බන්ධ වී සිටීනම් ඔවුන් ශාලාවෙන් ඉවත් විය යුතු බවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ මහතා සඳහන් කර තිබිණි.

මෙම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර මහතා මාධ්‍යවේදීන්ට සම්බන්ධීකරණ කමිටුව ආවරණය කිරීම සඳහා අවස්ථාව නොදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව පවසා ඇත.

මෙහිදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා සඳහන් කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය මගින් මෙම කමිටු රැස්වීම ආවරණය කොට මාධ්‍ය ආයතන වෙත ලබා දෙන බැවින් එය ආවරණය කිරීම සඳහා පිටස්තර මාධ්‍යවේදීන් අවශ්‍ය නොවන බවය.

කෙසේවුවද, එහි අවසාන භාගයේදී හදිසියේ රෝගාතුර වූ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ මහතා ඊයේ (15) සවස්වරුව වන තෙක්ම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බව මන්ත්‍රිවරයාගේ පෞද්ගලික ලේකම් අනුර මඩලුස්ස මහතා පවසා තිබේ.

අසනීප වූ ගුණතිලක රාජපක්ෂ මහතා වහාම මහනුවර පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ මන්ත්‍රිවරයා රෝහලේ නතර කොට අවශ්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය පරීක්‍ෂණ සිදුකළ යුතු බවටය. 

සෞඛ්‍ය සේවා වැඩවර්ජනයක් පැවැති බැවින් මන්ත්‍රිවරයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් නොකොට පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට සිදුවූ බවද මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාගේ පෞද්ගලික ලේකම් අනුර මඩලුස්ස මහතා මාධ්‍යට පවසා ඇත.

සබැඳි පුවත්
පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙක් රෝහල්ගත කරයි

පුවත්

දේශබන්දුව ගෙදර යවන්න සජබ සහය

Published

on

By

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම විශ්වාස භංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව අද (25) පැවති වැඩමුළුවකදී ප්‍රේමදාස මහතා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කරනු ලැබුවේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් පසුගිය රජය සමයේ සමගි ජන බලවේගය දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙම පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි

Published

on

By

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය අද (25) දිනයේ නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින්,

Continue Reading

පුවත්

හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රිමාන්ඩ්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved