Connect with us

පුවත්

‘මාධ්‍යවේදීන්ට හිමි වරප්‍රසාද රාජ්‍ය නිලධාරීන් කොල්ලකාලා’

Published

on

රජයේ නිලධාරීන් හා ජනමාධ්‍ය හැඳුනුම්පත හොර පාරෙන් ලබාගත් පිරිසක් විසින් පසුගිය කාල සීමාව පුරා ජනමාධ්‍යවේදීන්ට ලැබිය යුතු ශිෂ්‍යත්ව, විදේශ සංචාර හා රක්ෂණාවරණ  තමන් වෙත ලබාගෙන ඇතිබව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

රජයේ මාධ්‍ය හැඳුනුම්පත ලබා දීම සඳහා ප්‍රමිතිගත නිර්ණායක ඉදිරිපත් කළ පසු ගිය වසරට සාපේක්ෂව අයැදුම්පත් සංඛ්‍යාව 3,500කින් පමණ අඩු වීමෙන් මේ කරුණ පැහැදිලි වන්නේ යැයි ද අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.

රජයේ මාධ්‍ය හැඳුනුම්පත කලක් තිස්සේ ශිෂ්‍යත්ව හා රක්ෂණාවරණ ආදී වරප්‍රසාද ලබා ගැනීම සඳහා අවභාවිත වී ඇතැයිද එසේ සුදුසුකම් නොමැතිව කලක් තිස්සේ හැඳුනුම්පත් ලබා ගත් පිරිස මෙම නිර්ණායක හඳුන්වා දීමෙන් පසු අඩුවන්නට ඇති බවට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කරන්නේ යැයි ද හෙතේම අවධාරණය කර ඇත.

2025 වසරට ද වලංගු වන සේ ලබාදුන් මාධ්‍ය හැඳුනුම්පත් 685ක් හැරුණු විට 2024 වසරේ දෙසැම්බර් 31 වන දායින් අවලංගු වූ මාධ්‍ය හැඳුනුම්පත් සංඛ්‍යාව 7,300ක් වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා  සඳහන් කර තිබේ

නව නිර්ණායක අනුව අමාත්‍යාංශවල පෞද්ගලික කාර්ය මණ්ඩලවලට හා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලවලටද මාධ්‍ය හැඳුනුම්පත් ලබා දුන්නේ නැතැයි කී හෙතෙම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට හා අමාත්‍යාංශවල මාධ්‍ය ලේකම්වරුන්ට මෙතෙක් කලක් මාධ්‍ය පරිපාලක වශයෙන් දුන් හැඳුනුම්පතද මේ වසරේ නිකුත් නොකළේ යැයි පවසා තිබේ.

මෙසේ ප්‍රමිතිගත නිර්ණායක හඳුන්වා දුන්නේ ද මාධ්‍යවේදීන් සමග කළ සාකච්ඡාවලින් පසුව බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.

තොරතුරු එකතු කිරීමේ හා දැනුම් දීමේ කාර්යයේ නිරත පිරිස්වලට මාධ්‍ය හැඳුනුම්පත ලබා දීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතැයි ද එම තත්ත්වයන්ට අදාළව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් දැනට විභාග වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

මානව හිමිකම් කොමිෂන් සභාව ඊට අදාළව දෙන නිර්දේශ අනුව දැනට පවතින නිර්ණායක සරල කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සූදානම් බව ත් එසේ අලුතින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත්ද එකතු වූ විට උපරිමය 5000ක් පමණ වීමට ඉඩ ඇති බව ත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරට ත් පවසා තිබේ.

මූලාශ්‍රය  – මව්බිම

පුවත්

මැතිවරණ කොමිසමෙන් නැවතත් ඉල්ලීමක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවය.

මේ අතර පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ආදායම් – වියදම් භාරනොදුන් සියලු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබන 27ට පෙර එම වාර්තා ලබාදිය යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය

Continue Reading

පුවත්

මහ බැංකුව පොලී අඩු කරයි

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මැදි කාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මේ බව පැවසීය.

ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අද (22) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය පැවසීය.

තම ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved