Connect with us

පුවත්

මාර්ග නඩත්තු සේවකයින් විරෝධතාවයක

Published

on

2025 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගත් මාර්ග නඩත්තු අනියම් සේවකයින් මේවන තෙක් ස්ථිර නොකිරීමට විරෝධය පළ කරමින් අද (12) දිනයේ විරෝධතාවක නිරත වන බව එක්සත් පොදු සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් නිහාල් අජිත් මහතා සඳහන් කළේ, අදාළ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට පියවර නොගත හොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගවලට යොමු වීමට සිදුවන බවය

පුවත්

පාර්ලිමේන්තුව හෙට රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට තීරණයක්

Published

on

By

හෙට දිනයේදී පාර්ලිමේන්තුව රාත්‍රී 9.30 තෙක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තිරණය වී තිබේ.

ඒ අනුව පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට පස්වරු 5.30 සිට පස්වරු 9.30 දක්වා පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (දෙසැම්බර් 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දිවුරුම් දෙයි

Published

on

By

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් එස්. එම් නලීම්  මහතා අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

ඒ කථානායක අශෝක රංවල මහතා ඉදිරියේදීය.

පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කරගත්තේය.

ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරය සඳහා ඒ මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබුණි.

ඔහු මින් පෙර එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved