Connect with us

පුවත්

මාර්ග බාධකයකදී පොලිස් ගිනි අවියක් පත්තුවී අයෙක් මරුට

Published

on

සීදුව, කොටුගොඩ ප්‍රදේශයේදී අද (08) අලුයම පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, සීදුවේ සිට කොටුගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් කොටුගොඩ පොලිස් මුරපොළ අසළදී පරීක්ෂා කළ අවස්ථාවේ මෝටර් රථයේ සිටි පුද්ගලයින් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරාගැනීමට උත්සහ දැරීමේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බවයි.

මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් සිද්ධියෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ, පූගොඩ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙක් ද තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

මෝටර් රථයේ ගමන් ගත් අනික් පුද්ගලයින් තිදෙනා පළා ගොස් ඇති අතර ඔවුන් සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

පුවත්

පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

Published

on

By

අයහපත් කාලගුණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තද බදයක් ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව, මෙම මාර්ගයේ ගමන් කරන රථ වාහන හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුවත් කර සිටී.

Continue Reading

පුවත්

අනුරගේ අභියෝගය රනිල් පිළිගනී

Published

on

By

ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක විවාදකයක් සඳහා තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

වෘත්තිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කලේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත්තේ ජාතික ජනබලවේගයේ ඉදිරි සැලසුම වී ඇත්තේ  අපනයන ආර්ථිකයක්ද, ආනයන ආර්ථිකයක්ද යන්න පළමුව දැනුම් දිය යුතු බවය.

එසේ දැනුම්දීමෙන් අනතුරුව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරතුමිය සමඟ සාකච්ඡාවකට එළඹිය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

“මට මිත්‍රයා කියන්න එපා කිව්වා. ඔන්න දැන් ආනමඩුවේදී කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මං කොහොමද විවාදයකට එන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කියන්න අපනයන ආර්ථිකයක් ද? ආනයන ආර්ථිකයක් ද? කියලා අපිට කියන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමයි මමයි IMF එකේ කළමනාකාරතුමියයි ඔක්කොම සාකච්ඡාවක් ඇති කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු.” යැයි ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේට.”

රනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (08) ජන රැලියක් අමතමින් සඳහන් කලේය.

Continue Reading

කලා

සේනක බට‍ගොඩ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටින සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved