Connect with us

පුවත්

මාලදිවයිනේ නව මහකොමසාරිස් සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

Published

on


ශ්‍රී ලංකාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් ලෙස නවතමයෙන් පත් වූ MasoodImad මහතා ඊයේ (ජුලි 02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මාලදිවයින් නියෝජිත පිරිස ජෙනරල් ගුණරත්න මහතා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මාලදිවයින් නව මහ කොමසාරිස්වරයා සමඟ සුහද කතාබහක නිරත වූ ජෙනරල් ගුණරත්න මහතා ඔහුට සිය නව පත්වීම වෙනුවෙන් උණුසුම් සුබපැතුම් පිරිනැමුවේය.

දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම අභිලාෂය බවද ඔහු මෙහිදී  ප්‍රකාශ කරන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ  හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර මහතා සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් මහතා යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගි විය.

පුවත්

මතුගම තරුණියක් ගෙල කපා ඝාතනය කරලා

Published

on

By

මතුගම, දොලහේන ප්‍රදේශයේ දී ඊයේ (18) දහවල් තරුණියක ගෙල කපා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 33ක් වූ මර්වින් සමරනායක මාවත, අඟලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බව මතුගම පොලීසිය පවසයි.

මෘත ශරීරයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ද ලැබී ඇත.

විමර්ශන සිදුකරන පොලීසියට අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඒ අනුව සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Continue Reading

පුවත්

මනම්පිටිය දේවස්ථානයට වෙඩි තැබූ අය අල්ලයි!

Published

on

By

මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩිතබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ඊයේ (18) රාත්‍රී 7ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

එමෙන්ම වෙඩිතැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 38ක් වන ප්‍රධාන පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙක්ය.

මෙම වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව ඇත.

සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.

මෙම සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

Continue Reading

පුවත්

“පොලිස් ඇමති – නිශ්ශංකව හමුව, බොරු පුවතක්”

Published

on

By

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශය වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් එම්.ඒ.ඩී දීගායු මහතාගේ අත්සනින් එම ලිපිය නිකුත් කර ඇත.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ නිශ්ශංක සේනාධිපති සම්බන්ධ කරමින් ව්‍යාජ ලෙස සකස් කරන කළ ප්‍රවෘත්ති සමාජ මාධ්‍යයේ  සංසරණය වනු නිරික්ෂණය වන බවත්  අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා විසින් තම අමාත්‍යංශයේදී නිශ්ශංක සේනාධිපති  මුණ ගැසුණු බව හැඟවෙන ආකාරයෙන් එකී ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇති බවත් අදාල ලිපියේ දැක්වේ.

එය ව්‍යාජ ප්‍රවෘත්තියක් වන අතර කිසිදු අවස්ථාවක ආනන්ද විජේපාල  මහතා හෝ ඔහුගේ නියෝජිතයකු නිශ්ශංක සේනාධිපති මුණ ගැසී නොමැති බවද එහෙත් මෙලෙස දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කිරීම හරහා අමාත්‍ය  ආනන්ද විජේපාල මහතාගේත් වත්මන් රජයේත් කීර්ති නාමය හා ජනතා විශ්වාසය පළුදු වීම සිදු වන බව නිරීක්ෂණය වන්නේ යැයි ද අදාල ලිපියෙහි සඳහන් වේ.

එම නිසා දිගින් දිගටම සාවද්‍ය ප්‍රවෘත්තීන් සමාජගත වීම  හරහා සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා මහජනතාව සතු අයිතිය උල්ලංඝනය වීමක් සිදු වන අතර චේතනාන්විත ලෙස සාවද්‍ය  තොරතුරු සමාජගත කිරීම් හරහා සමාජයට අගතිදායී ප්‍රතිඵල ඇති කරන බව තම හැගීම යැයි ද ව්‍යාජ ප්‍රවෘත්ති  පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ පවත්වා අවශ්‍ය නෛතික පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

(ලංකාදීප)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved