Connect with us

පුවත්

මාස 8ක් විභාග වූ වරායේ කළමනාකාර අධ්‍යක්ෂකගේ පෙත්සම යළිත් කැඳවන්න නියෝග

Published

on

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන් එම තනතුරෙන් ඉවත් කිරීමට වරාය විෂය භාර අමාත්‍ය විජිත හේරත් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම අධිකාරියේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රභාත්. ජේ. මලවිගේ මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද? නැද්ද? යන තීන්දුව ඊයේ (16) දින ප්‍රකාශ නොකළ අභියාචනාධිකරණය එම පෙත්සම යළි ජූලි මස 23 වැනිදා කැඳවන ලෙස ඊයේ (16) නියෝග කළේය.

එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීන්දුව සහ ඊට අදාළ අතුරු තහනම් නියෝග නිකුත් කරනවාද? නැද්ද? යන තීරණ ඊයේ පෙරවරුවේ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

ඒ අනුව ඊයේ පෙරවරුවේ නඩුකරය කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ප්‍රකාශ කළේ එම තීන්දුව ඊයේ දහවල් ප්‍රකාශයට පත් කරන බවයි. 

ඒ අනුව ඊයේ දහවල් එම නඩුකරය කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා ඉදිරියේය.

එහිදී අභියාචනාධිකරණ විනිසුරු කුමාරන් රත්නම් මහතා ප්‍රකාශ කළේ මෙම නඩුකරය තමන් ඉදිරියේ කැඳවන ලෙස අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරයා විසින් නියම කර තිබෙන බවයි.

ඒ අනුව මෙම පෙත්සම යළි තමන් ඉදිරියේ කැඳවීමට දිනයක් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් මෙම නඩුකරය මාස අටකට ආසන්න කාලයක් අධිකරණය හමුවේ විභාග වීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා කල් තැබුණු බව පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ පෙත්සම යළි ජූලි මස 23 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන් 2024 වසරේ ඔක්තෝබර් මස 2 වනදා එවක වරාය විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම තනතුරින් ඉවත් කරමින් ලිපියක් නිකුත් කළ බවත් පසුව එම තනතුරට ටී.කේ.ජී.එල්. හේමචන්ද්‍ර පත් කෙරුණු බවයි.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව නිසි පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව තමන්ව ඉවත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන්ව අදාළ තනතුරින් ඉවත් කිරීමට හේතු පැහැදිලි කිරීමක් සිදු නොකළ බවත් චෝදනා කර සිටි. 

ඒ අනුව තමන් එම තනතුරින් නෙරපීමට ගනු ලැබූ තීරණයක් නීතියට පටහැනි බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

දෙහිවල වෙඩිතැබීමක්

Published

on

By

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ්

Published

on

By

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දයාසිරි CIDයට

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved